විකිපීඩියා
නොමිලේ ලැබෙන සැමටම සංස්කරණය කල හැකි අන්තර්ජාල විශ්වකෝශය / From Wikipedia, the free encyclopedia
විකිපීඩියා (/En-uk-Wikipedia.oggˌwɪkɪˈpiːdi.ə/ or /en-us-Wikipedia.oggˌwɪkiˈpiːdi.ə/ WIK-i-PEE-dee-ə) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය
URL | wikipedia.org |
---|---|
උද්යෝග පාඨය | ද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට් |
වාණිජ? | නැත |
අඩවි වර්ගය | අන්තර්ජාල විශ්වකෝෂය |
ලියාපදිංචිය | බෙහෙවින් වෛකල්පික [notes 1] |
අඩංගුභාෂා(ව) | 287 අනුවාද[1] |
අන්තර්ගත වරපත | සීසී ඇට්‍රිබියුෂන් / ෂෙයාර්-අලයික් 3.0 බොහෝ පෙළ, GFDL යටතේ ද්විත්ව-වරපත් දරයි; මාධ්‍ය වරපත්කරණය වෙනස් වෙයි. |
අයිතිකරු | විකිමාධ්‍ය පදනම |
නිර්මාණය කරනලද්දේ | ජිමී වේල්ස්, ලැරී සැංගර්[2] |
ඇරඹූයේ | ජනවාරි 15, 2001 (2001-01-15) |
Alexa rank | 7[3]
හෝ 6[4][5] (මාර්තු 2015[update]) |
දැනට තත්වය | සක්‍රීය |
විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.
භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ජපන්, පෝලන්ත, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය.)