ඇමරිකානු සන්ධාන ජනපදය
From Wikipedia, the free encyclopedia
ඇමරිකානු සන්ධාන ජනපදය (ඇසජ හෝ ස.ජ.) —සන්ධානය ලෙසින් පොදුවේ ව්‍යවහාර වන— යනු, 1861 වසරෙහි සිට 1865 වසර දක්වා උතුරු ඇමරිකාවෙහි පිහිටා තිබුණු නොපිළිගැනුණු ජනරජයකි[1].[2] වහලුන්-සන්තකත්වය සහිතවූ, එක්සත් ජනපදයෙහි පහළ දකුණු පෙදෙසෙහි පිහිටි, කෘෂිකර්මය මත, විශේෂයෙන් කපු වගාව මත, ඔවුන්ගේ ආර්ථිකය බෙහෙවින් රඳා පැවැති සහ අප්‍රිකානු-ඇමරිකානු වහලුන්ගේ ශ්‍රමය මත යැපුනු වතු වගා ක්‍රමයක් සහිත වූ බෙදුම්වාදී ජනපද හතක් —දකුණු කැරොලයිනා, මිසිසිපි, ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා, ලුවීසියෑනා, සහ ටෙක්සාස්—විසින් මුලින්ම සන්ධානත්වය අරඹන ලදි.[3] එ.ජ. ජනාධිපති ධූරය සඳහා නොවැම්බර් 1860 මැතිවරණයෙහි රිපබ්ලිකානු අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙහිදී, බටහිර ප්‍රදේශ වලට වහල් සේවය පැතිර යෑමට විරුද්ධ වීමේ තත්ත්වය මත, වහල් සේවයෙහි පැවැත්ම තර්ජනයකට ලක්ව ඇති බව [4][2] සැක හැර දැනගත් සන්ධානය විසින් එක්සත් ජනපදයට කැරලි ගසමින් බෙදී වෙන්වීම ප්‍රකාශයට පත් කල අතර, ඉක්බිතිව සිදුවූ ඇමරිකානු සිවිල් යුද්ධයෙහිදී එක්සත් ජනපදයට පක්ෂපාතිවූ ජනපද හැඳින්වුනේ සංගමය ලෙසිනි. සන්ධාන උප ජනාධිපති ඇලෙක්සැන්ඩර් එච්. ස්වීවන්ස් විසින් සන්ධානයේ මතවාදය පැහැදිලි කරමින් එහි මධ්‍යගත පදනම විස්තර කලේ " නිග්‍රෝවරුන් සුදු මිනිසුන් හා සමාන නොවන බව දැක්වෙන මහා සත්‍යය පදනම්ව, උත්තරීතර ජාතියට ගැති කම් කිරීමට වහලුන් අනුගත වීම ස්වභාවික මෙන්ම සාමාන්‍ය තත්ත්වයකි " යනුවෙනි. [5]
ඇමරිකානු සන්ධාන ජනපදය | |
---|---|
1861–1865 | |
ජාතික ගීය:
| |
තත්ත්වය | නොපිළිගත් රාජ්‍යය[1] |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | 1861 |
• අහෝසි කළේ | 1865 |