උතුරු ඇමෙරිකාව
මහද්වීපයක් / From Wikipedia, the free encyclopedia
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
භූමිප්‍රමාණය | 24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 528,720,588 (2008, 4 වැනියා) |
ජනගහණ ඝණත්වය | 22.9/කිමී2 (59.3/වර්ග සැත) [1] |
ජාතිකත්ව නාමය | උතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු[2] |
රටවල් | 23 |
පරායත්ත රාජ්‍යයන් | see List of North American countries |
භාෂා | ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා |
වේලා කලාප | UTC-10 to UTC |
විශාලතම නගර | List of cities[3] |
Close
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).