පුරාතන රෝමය
From Wikipedia, the free encyclopedia
වර්තමාන කාලයෙහි නගරය සඳහා, රෝමය බලන්න. වෙනත් භාවිතා සඳහා, පුරාතන රෝමය (බහුරුත්හරණය) බලන්න.
පුරාතන රෝමය යනු ක්‍රිපූ 8වන සියවස තරම් ඈත කාලයේදී ඉතාලියානු අර්ධද්වීපයෙහි වර්ධනය වීම ඇරඹූ මහත් සඵල ශිෂ්ටාචාරයකි. රෝම නගරය කේන්ද්‍රගතව මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි මෙය, පුරාතන ලෝකයේ විශාලතම අධිරාජ්‍යයන් අතුරින් එකක් බවට විකාශනය විය.[1]
Quick Facts පුරාතන රෝමය රෝමා, අගනුවර ...
පුරාතන රෝමය රෝමා | |
---|---|
ක්‍රිපූ 753–ක්‍රිව 476 | |
අගනුවර | රෝමය |
පොදු භාෂාවන් | ලතින් |
රජය | රාජධානිය (ක්‍රිපූ 753 - ක්‍රිපූ 509) ජනරජය (ක්‍රිපූ 509 - ක්‍රිපූ 27) අධිරාජ්‍යය (ක්‍රිපූ 27 - ක්‍රිව 476) |
ඓතිහාසික යුගය | පුරාතන ඉතිහාසය |
ක්‍රිපූ 753 | |
• සාඩම්බර ටාක්වින් බලයෙන් පහකිරීම | ක්‍රිපූ 509 |
• අහෝසි කළේ | ක්‍රිව 476 |
Close
එය පැවැති සියවස් ගණනාව තුලදී, රෝමානු ශිෂ්ටාචාරය, රාජාණ්ඩුවක සිට කතිපයාධිපත්‍ය සමූහාණ්ඩුවක් දක්වාද, එයින් පසුව අත්‍යන්ත ලෙසින් ඒකාධිපති ස්වරූපයක් ගත් අධිරාජ්‍යයක් බවටද පරිවර්තනය විය. යටත් කර ගැනුම සහ සමාග්රහණය තුලින් නිරිත දිග යුරෝපය, අග්නි දිග යුරෝපය සහ බෝල්කනයද, මධ්‍යධරණී පෙදෙසද අභිභවනය කෙරුමට එය සමත් විය.