ලතින්
From Wikipedia, the free encyclopedia
ලතින් යනු පෞරාණික ඉතාලියානු භාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් ග්‍රීක සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි. (Latin) ඉන්දු යුරෝපීය බසකි. දැන් මෙය මළ බසක් වූවද රෝම අධිරාජ්‍යය පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. වර්තමානයේ මේ බස ලිඛිත භාෂාවක් පමණි. කතන භාෂාව මළ බසක් වී ඇත. මේ හෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ යුරෝපීය ශිෂ්‍යයන්ට මව් බසට අමතරව අනිවාර්ය භාෂාවකි. මිට අමතරව විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු (විශේෂයෙන් රෝමානු කතෝලික පල්ලිය තුල) මෙම භාෂාව චතුරව හසුරුවති.
ලතින් භාෂාව | |
---|---|
Lingua latīna | |
උච්චාරණය | [laˈtiːna] |
ස්වදේශික වන්නේ |
|
ජන වර්ගය | ලතින් |
යුගය | වග්‍ර ලතින් සංවර්ධන වුනා රොමානු භාෂාව, හයවන සියවසත් නවවන සියවසක් අතර; විධිමත් භාෂාවක් ලෙස දිර්ඝ කාලයක් පැවතුනා ප්‍රංශයේ දකුණු කොටස කාතෝලික රටවල් සහ මධ්‍යකාලීන යුරෝපය තුල ලිඛිත භාෂාව ලෙස රෝමානු කතෝලික පල්ලිය තුල. |
ඉන්දු-යුරෝපීය
| |
ලේඛන ක්‍රමය | ලතින් හොඩිය |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | |
යාමනය කරනු ලබන්නේ |
|
භාෂා කේත | |
ISO 639-1 | la |
ISO 639-2 | lat |
ISO 639-3 | lat |
ග්ලොටෝලොග් | lati1261 [2] |
ලින්ග්වාස්ෆියර් | 51-AAB-a |
රෝම අධිරාජ්‍යයේ උච්චතම අවධිය දැක්වෙන සිතියම(ක්‍රි.ව 117 දී පමණ) සහ රෝම පාලනය තුළ ලතින් භාෂාව කතා කළ ප්‍රදේශ (තද කොළ පැහැති). ලතින් භාෂාව හැර වෙනත් බොහෝ භාෂා, විශේෂයෙන් ග්‍රීක භාෂාව කතා කළේ අධිරාජ්‍යය පිට ය. | |
යුරෝපයේ ලතින් භාෂාවෙන් පැවත එන නූතන පරම්පරාවෙන් යුත් රොමානු භාෂාව ව්‍යාප්තිය. | |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව වෙනත් බොහෝ භාෂා පවුල් වලට අයත් භාෂාවන්හි නව වචන බිහි වීමේදී අදටත් ලතින් භාෂාව භාවිත වේ. එමෙන්ම ජීව විද්‍යාත්මක තක්සෝනකරණයේදී බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ ලතින් භාෂාවයි. ලතින් සහ එයින් ව්‍යුත්පන්න වූ රෝමානුක භාෂාවන් පමණක් අදටත් ඉතිරිව ඇති ඉතාලියානු භාෂා පවුලට අයත් භාෂාවන් වෙති. මුල් කාලීන ඉතාලියානු ලියවිලි අනෙකුත් භාෂාවන් පිළිබඳව සාක්ෂි දරනු ලබන අතර රෝමානු ජනරජ සමයේදී ලතින් භාෂාව විසින් එම භාෂා අවශෝෂණය කර ගන්නා ලදුව අභාවයට පත්ව ඇත.