බුදු දහම
buduguna navayasith 89 / From Wikipedia, the free encyclopedia
ගෞතම බුදුන් වහන්සේ විසින් ඉගැන්වීම් බුදුදහම ලෙස හැඳින්වේ. සසරේ ලද අත්දැකීම් විශිෂ්ඨත්වයට පත්කරමින් යථාර්තයක් මනාව බිහි කළ අසහාය චරිතයකි. භෞතික රාමුවකට උන්වහන්සේ සමකළ නොහැකි ය.
පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්රත්යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
“ | යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ |
” |
— අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය |