එක්සත් ජාතීන්ගේ සංවිධානය
From Wikipedia, the free encyclopedia
එක්සත් ජනපද ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කළ එක්සත් ජාතීන්ගේ ප්රකාශනය මුල්වරට භාවිතා කරනු ලැබීය.
| |
---|---|
කොඩිය | |
එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම | |
මූලස්ථානය | නිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය |
නිල භාෂාවන් | අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ |
සාමාජිකත්වය | 193 සාමාජීක රාජ්‍යයන් |
නායකයෝ | |
• මහ-ලේකම් | Antonio Guterres |
Establishment | |
• එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය | 1945 ජූනි 26 |
• ප්රඥප්තිය අපරානුමත කිරීම | 1945 ඔක්තෝබර 24 |
වෙබ් අඩවිය http://www.un.org/ |
යුද්ධ වැලැක්වීම සහ සංග්රාම නීති සංග්රහකරණය සඳහා වන විධික්රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ "ජාතීන්ගේ සංගමය" යි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළේය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.
චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝම්බර් 24 දා ප්රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.
මෙහි නිෂේධ බලය සහිත රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය යි. මීට අමතරව ආර් තික සහ සමාජීය කවුන්සිලය, සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය යනාදී වශයෙන් වන තවත් අංශ රාශියකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්විත වේ.
1965 දී ඉන්දුනීසියාව මෙම සංවිධානයෙන් ඉවත් වී 1966 වසරේ නැවත එක් විය. එසේ කළ එකම රට ඉන්දුනීසියාවයි. එයට හේතුව ඔවුන් මැලේසියාව සමඟ ඇතිවූ ප්‍රශ්නයක් නිසායි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසන් සාමාජිකත්වය ලබා ගත් රට වන්නේ දකුණු සූඩානයයි. 2011 වසරේදී සුඩාන ජනරජයෙන් දකුණු සුඩානය බෙදී වෙන්වීමෙන් පසුව එම වසරේදීම එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය. 2011 වසරේදී පලස්තීනයද සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළද මෙතෙක් ස්ථිර සාමාජිකත්වය ලබා දී නොමැත. තායිවානය සහ කුක් දුපත් වලටද මෙතෙක් සාමාජිකත්වය ලබාදී නොමැත. ඒ චීනයට සහ නවසීලන්තයට එම භුමි පිළිබඳව ප්‍රශ්න ඇති නිසායි. උතුරු සහ දකුණු කොරියා රටවල් දෙකද මෙතෙක් සාමාජිකත්වය ලබා නොමැත.
1945 ආරම්භයෙදී මෙහි පළමු මහ ලේකම්වරයා වූයේ ට්‍රින්ග් වේ ලී, ඉන්පසුව පත්වූ කීපදෙනෙක් වූයේ, බුටෝස් බුටෝස් ගාලි, කොෆි අනන් (ඔහුට 2001 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය), බැන්කි මූන් සහ 2017 සිට මේ දක්වා 9 වන මහ ලේකම්වරයා ලෙස පෘතුගාල් ජාතික අන්තෝනියෝ ගුටරෙස්. මෙහිදී එක් අයෙකුට වසර 4 බැගින් වාර දෙකක් මහ ලේකම් තනතුර හෙබවිය හැකිය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කළේ එම සංවිධානය පිහිටුවීමෙන් වසර තුනක් ගතවීමෙන් පසුවය. එනම් 1952 වසරේදීය. පසුව 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබා දෙන ලදී.
මෙම සංවිධානය විසින් සිවිල් අරගල පාලනය කිරීම සඳහා රටවල් තුළට "සාම සාධක" හමුදා යැවීමද සිදු කරයි. එසේ හමුදා යවන ලද රටවල් කීපයක් වන්නේ ලයිබීරියාව, ඊශ්‍රයලය, කොසවෝ, සුඩානය සහ හයිටියයි.
චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති. මහා මණ්ඩලයේ, ආරක්ෂක මණ්ඩලයේ සහ ආර් තික හා සාමාජීය මණ්ඩලයේ නිල භාෂාවක් ලෙස අරාබි බස ද පසුව එක් කරනු ලැබී ය.