අඹ
ඝර්ම කලාපීය, රසවත් පලතුරකි / From Wikipedia, the free encyclopedia
අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පලතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්රයට අයත් වන්නා වූ Anacarliaceaeසපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්රදේශ වල ඇති ප්රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ,ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්රී ලංකාව, පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි. [1]
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ.