2022 වි20 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2022 අයි.සී.සී පිරිමි විස්සයි20 ලෝක කුසලානය අටවන ICC පිරිමි ව්20 ලෝක කුසලාන තරඟාවලිය වේ.[3] 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙ.[4][5] මුලදී, තරඟාවලිය 2020 දී පැවැත්වීමට නියමිතව තිබුණද, 2020 ජූලි මාසයේදී, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟාවලිය කල් දැමූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තහවුරු කළේය.[6] 2020 අගෝස්තු මාසයේදී, අයිසීසී විසින් ඕස්ට්‍රේලියාව 2022 දී නැවත සකස් කරන ලද තරඟාවලියට සත්කාරකත්වය සපයනු ඇති බව තහවුරු කරන ලදී.[7] වි20 ලෝක කුසලානය මුලින් සැලසුම් කළ පරිදි 2021 දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇත.[8] නමුත් පසුව එය එක්සත් අරාබි එමීර් සහ ඕමානය වෙත ගෙන යන ලදී.[9] 2022 ජනවාරි 21 දින, අයිසීසී විසින් තරඟාවලිය සඳහා සියලුම තරග කාලසටහන් තහවුරු කරන ලදී.[10][11] සත්කාරක ඔස්ට්‍රේලියාව වත්මන් ශූරයන් වේ.[12]
Quick Facts වි20 අයිසීසී පිරිමි ලෝක කුසලානය 2022, කාලය ...
වි20 අයිසීසී පිරිමි ලෝක කුසලානය 2022 | |
---|---|
ගොනුව:ICC T20 World Cup 2022 Official logo.jpg | |
කාලය | 2022 ඔක්තෝබර් 16 – 2022 නොවැම්බර් 13 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | කණ්ඩායම් අදියර සහ නොකවුට් |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | එංගලන්තය (2 වන වරට) |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | 16[1] |
තරඟ | 45[2] |
තරඟාවලියේ වීරයා | සෑම් කරන් |
වැඩිම ලකුණු | විරාත් කෝලි (296) |
වැඩිම කඩුලු | වනිඳු හසරංග (15) |
නිල වෙබ් අඩවිය | aus2022.t20worldcup.com/ |
← 2021 2024 → |
Close