2021 වි20 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය හත්වන අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලියයි.[3][4] 2021 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පවත්වන ලදී.[5][6] බටහිර ඉන්දීය කොදෙව් පිල වත්මන් ශූරයන් විය.[7][8] නමුත් අවසානයේ සුපිරි 12 අදියරෙන් ඉවත් විය.[9]
වි20 ලෝක කුසලානය 2021 | |
---|---|
කාලය | 2021 ඔක්තෝබර් 17 – 2021 නොවැම්බර් 14 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | කාණ්ඩ රවුන්ඩ් රොබින් හා පිළිමළුන් පිටුදැකීමේ |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර්[සටහන් 1] ඕමානය |
ශූරයන් | ඕස්ට්‍රේලියාව (1 වන වරට) |
අනුශූරයන් | නවසීලන්තය |
සහභාගීත්වය | 16[1] |
තරඟ | 45[2] |
තරඟාවලියේ වීරයා | ඩේවිඩ් වෝනර් |
වැඩිම ලකුණු | බාබර් අසාම් (303) |
වැඩිම කඩුලු | වනිඳු හසරංග (16) |
නිල වෙබ් අඩවිය | t20worldcup.com |
← 2016 2022 → |
මුලින් මෙම තරගාවලිය 2020 ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.[10][11][12] නමුත් 2020 ජූලි මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම තරඟාවලිය කල් දැමූ බව තහවුරු කළේය.[13][14][15] 2020 අගෝස්තු මාසයේදී, අයිසීසී විසින් 2021 තරඟාවලිය සැලසුම් කර ඇති පරිදි ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයනු ඇති බව තහවුරු කරන ලද අතර, පසුව 2022 තරඟාවලිය සඳහා සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව නම් කරන ලදී.[16] කෙසේ වෙතත්, 2021 ජුනි මාසයේදී, අයිසීසී නිවේදනය කළේ, ඉන්දියාවේ කොවිඩ්-19 වසංගත තත්ත්වයත් රට තුළ ඇති විය හැකි තුන්වන වසංගත රැල්ලක් (ඩෙල්ටා ප්‍රභේදය) ඇති විය හැකි බවට ඇති බිය හේතුවෙන් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන ගිය බවත්ය.[17] තරඟාවලිය 2021 ඔක්තෝබර් 17 වන දින ආරම්භ විය.[18] තරඟාවලියේ අවසන් තරඟය 2021 නොවැම්බර් 14 වන දින පැවැත් විය.[19] තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදීය.[20]
අවසන් පූර්ව තරගයේදී එංගලන්තය කඩුලු 5කින් පරාජය කළ නවසීලන්තය අවසන් මහා තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්විය.[21] නවසීලන්තය වි20ජා ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව එය විය.[22] ඔවුන් සමග අවසන් මහා තරගයට එක්වූයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය කඩුලු පහකින් පරාජය කළ ඔස්ට්‍රේලියාවයි.[23] ඕස්ටේ්රලියාව වි20ජා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය විය. පලමු අවස්ථාව 2010 දීය.[24] අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 8කින් පරදවා ඔස්ට්‍රේලියාව සිය පළමු වි20ජා ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.[25] මිචෙල් මාෂ් තරගයේ ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.[26] තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස ඩේවිඩ් වෝනර් නම් කෙරිණි.[27]