හිරෝෂිමා
From Wikipedia, the free encyclopedia
හිරෝෂිමා (ජපන්: 広島市 හිරොෂිමා-ශි) යනු ජපානයේ නගරයක් වන අතර හිරෝෂිමා දිස්ත්‍රික්කයේ අගනුවරද වේ. එමෙන්ම එය ජපානයේ විශාලතම දූපත වන හොන්ෂු දූපතේ බස්නාහිර ප්‍රදේශයේ පිහිටා ඇති චූගොකු ප්‍රදේශයේ විශාලතම නගරයද වේ. ජපන් බසින් හිරෝෂිමා (広島) යන්නෙන් අදහස් වන්නේ "පුළුල් දූපත" යන්නයි. 1889 අප්‍රේල් 1 වැනිදා සිට හිරෝෂිමාව 'නගරයක්' ලෙස සලකන ලදී. 1980 අප්‍රේල් 1 වැනිදා එය රජය විසින් නියම කරන ලද නගරයක් හෙවත් නාමෝද්දේශිත නගරයක් ලෙස නම් කරන ලදී. 2006 වසරේ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වලට අනුව හිරෝෂිමාවේ 1,154,391ක ජනගහනයක් පදිංචි වී සිටී. 2011 අප්‍රේල් මාසයේ සිට කසුමි මත්සුයි හිරෝෂිමාවේ නගරාධිපති ධූරය හොබවයි.
හිරෝෂිමා 広島市 | |
---|---|
නාමෝද්දේශිත නගරය | |
හිරෝෂිමා නගරය | |
ඉහල වම්පස සිට: හිරෝෂිමා මාලිගය, හිරෝෂිමා නගරසභා බේස්බෝල් ක්‍රීඩාගාරයේ පවත්වන බේස්බෝල් තරඟයක්, හිරෝෂිමා සාම ස්මාරකය (ගෙන්බකු ගෝලාර්ධය), එබිසු-චෝ හි රාත්‍රී දර්ශනයක්, ශුකෙයි-එන් (අසානෝ උද්‍යානය) | |
හිරෝෂිමා දිස්ත්‍රික්කය තුල හිරෝෂිමා නගරයේ පිහිටීම | |
රට | ජපානය |
ප්‍රදේශය | චූගොකු (සන්'යෝ) |
දිස්ත්‍රික්කය (Prefecture) | හිරෝෂිමා දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | කසුමි මත්සුයි |
සරිය | |
• මුළු | 905.01 කිමී2 (349.43 සතරැස් සැත) |
ජනගහණය(2010 ජනවාරි) | |
• මුළු | 1,173,980 |
• ඝණත්වය | 1,297.2/කිමී2 (3,360/වර්ග සැත) |
වේලා කලාප | ජපාන සම්මත වේලාව (UTC+9) |
- වෘක්ෂය | කපුරු (Cinnamomum camphora) |
- පුෂ්පය | කනේරු |
දුරකථන අංකය | 082-245-2111 |
ලිපිනය | 1-6-34 Kokutaiji, Naka-ku, Hiroshima-shi 730-8586 |
වෙබ් අඩවිය | Hiroshima City |
හිරෝෂිමාව ලෝකයා විසින් වඩාත් හොඳින් හඳුනාගෙන තිබෙන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වූ ලොව ප්‍රථම නගරය ලෙසය. ඒ එක්සත් ජනපද යුධ හමුදා ගුවන් හමුදාව (USAAF) විසින් දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 6 වැනිදා පෙ.ව. 8:15ට හිරෝෂිමා නගරයට ගුවනින් පරමාණු බෝම්බයක් හෙලීමෙන් අනතුරුවයි.[1]