විකිපීඩියා:තරු
From Wikipedia, the free encyclopedia
විකිපීඩියාවේ දායකයන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම තරු සම්මාන ප්රදානය කෙරෙනු ලැබේ. තරු සම්මාන සංකල්පය MeatballWiki හි SunirShah ගේ අදහසකට අනුව නිමැවුණකි. විකිපීඩියාවේ තරු සම්මානයක් ප්‍රථම වරට පිරි නමා ඇත්තේ 2003 වසරේ දෙසැම්බරයේ දී ය. තරු සම්මාන අද වන විට විකිපීඩියා සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ. සැබැවින් ම විකිපීඩියාවේ මූලික ලකුණ එය සතු ය. එනම් එය නිදහස් ය.
විකිපීඩියාවේ උන්නතියට කවර හෝ අංශයකින් හෝ කැපී පෙනෙන සේවයක් කොට ඇති පරිශීලකයෙකු ගැන ඔබේ හිතේ ආඩම්බරයක්, සතුටක්, ගෞරවයක් ඇති වෙනවා නම් ඔහුට ඒ බව දන්වන්න පැකිළෙන්න එපා. ඔබට කරන්න තියෙන්නෙ, සම්මානයට අදාළ සැකිල්ල ප්‍රශංසා ලද යුතු පරිශීලකයාගේ සාකච්ඡා පිටුවේ අලවා, ඔහු සම්මානය ඔබ අතින් ලබන්නෙ ඇයි ද යන්න ගැන කෙටි ආචාරශීලි සඳහනක් සැපයීම පමණයි.
හොඳ දෙයක් කරන අයෙකුට ප්‍රශංසා කරන එක බිය විය යුතු දෙයක් නෙවෙයි. කාගෙ හරි හොඳක් දකින්න, ඒක අගයන්න පැකිළෙන්න එපා; ඒ සඳහා ඔබ පරිපාලකවරයෙක් වීමත් අවශ්‍ය නොවේ. අවශ්‍ය එක ම දෙය විවෘත මනසකි. සම්මානයකින් පුදනු ලැබීම එම පරිශීලකයාට ආශිර්වාදයකි; දිරි ගැන්වීමකි. තම කැපකිරීම් අගය කිරීම ගැන, නිහතමානී සතුටක් ඔහු භුක්ති විඳිනු ඇත.
දැනට ඉංග්‍රීසි විකිපීඩියාවේ භාවිතයේ පවතින තරු සම්මාන පහත දැක්වේ. මින් කිහිපයක් සිංහල විකිපීඩියාවේ දැනට භාවිතාකර ඇත. ඔබ ප්‍රශංසා කළ යුතු, ඇගැයිය යුතු අංශයට අදාළව සම්මානයක් නො පවතී නම් එම සම්මානය නිමවන්න පසු බහින්නත් එපා.
- සැම විට ම නිර්භීත වන්න.