වසම (ජීව විද්‍යාව)
From Wikipedia, the free encyclopedia
සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ[1]) යනු, [2] කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු [1] ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වෙයි.
මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. [1] මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.