බේස්බෝල්
From Wikipedia, the free encyclopedia
බේස්බෝල්baseballයනු පිත්තක් සහ පන්දුවක් bat and ball game භාවිතා කරමින් එක් පිළකට 9දෙනා බැගින් ක්රීඩා කරන ක්රීඩාවකි. පන්දුවට පහර දෙනකණ්ඩායම (batting team) පන්දු යවන්නා(pitcher) එල්ල කරන පන්දුවට පහර දී පළමු දෙවන තෙවන හා හෝම් බේස(home plate) පසුකරමින් ලකුණක් සම්පුර්ණ කිරීමට උත්සහ කරයි. පන්දු රකින කණ්ඩායම(fielding team) පන්දුවට පහර දෙන කණ්ඩායමේ පිතිකරුවන්,බේස අතර දුවයන්නන්(base runneres) දවා ගනිමින් ලකුණු ලබා ගැනීම වැලක්වීමට උත්සහකරයි. මෙම ක්රීඩාවේදී දවා ගැනීමේ අවස්ථා කිහිපයක්ම ඇත.පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්රීඩකයන්ට ඕනෑම බේසයක නැවතී කෙසේහෝ නැවතත් හෝම් බේසය පසුකල විට ලකුණ ලබාගත හැක. කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට පන්දුවට පහර දෙන අතර මාරු වීමක් සිදුවන්නේ පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්රීඩකයන් තිදෙනෙකු දැවී ගිය පසුවය. ඉනිම නවයක්(9) පුරා දිවයන මෙම ක්රීඩාවේ පළමුව පන්දුවට පහර දෙන්නේ සංචාරක කණ්ඩාමය(visiting team). ඉනිම නවය අවසානේ වැඩිම ලකුණු ලැබූ කණ්ඩායමට ජය අත් වේ.
පළමුව ක්රීඩා කලේ | Mid-18th century or prior, England (early form) June 19, 1846, Hoboken, New Jersey (first recorded game with codified rules) |
---|---|
ගුණාංග | |
කණ්ඩායම් සාමාජිකයෝ | 9 |
වර්ගීකරණය | Bat-and-ball |
උපකරණ | Baseball Baseball bat Baseball glove |
පැවතීම | |
ඔලිම්පික් | 1992–2008 |
බේස්බෝල් මුලින්ම 18 වන ශතවර්ෂයේ එංගලන්තයේදී ක්රීඩාකල බව වාර්තාවේ.එංගලන්තයෙන් උතුරු ඇමරිකාවට සංක්රමණය වූ පිරිස බේස්බෝල් උතුරු ඇමෙරිකාවට රැගෙන එනලදී.එතනපටන් අද දක්වා බේස්බෝල් දියුණු වෙමින් පවතී.19 වන සියවසේ අග භාගයේදී මුළු ඇමරිකාව පුරාම බේස්බෝල් ජාතික ක්රීඩාව ලෙසහැදින්වෙනු ලැබිනි.අද වනවිට බේස්බෝල් උතුරු ඇමෙරිකාව,දකුණුඇමෙරිකාව,යුරෝපය සහා ආසියාවේ ද ජනප්රය ක්රීඩාවක් බවට පත් වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහා කැනඩාවේ ප්රදාන බේස්බෝල් ලීගයේ(Major League Baseball) කණ්ඩායම් ජාතික ලීගය(National League) සහා ඇමරිකන් ලීගය (American League) යන ලීග සදහා කොටස් 3ක් යටතේ බෙදනු ලැබේ. ඒවා නම් බටහිර නැගෙනහිර සහ මධයම වේ .තවද ඉහල මට්ටමේ තරගාවලි ජපානයේ සහා කියුබාවේ ද පැවෙත්වේ