බ්රාහ්මීය අක්ෂර පවුල
අබුගිඩා ලේඛන ක්‍රම කුටුම්භය / From Wikipedia, the free encyclopedia
බ්රාහ්මීය අක්ෂර මාලා සම්භවය වූ මුල්කාලීන අක්ෂර මාලාව සඳහා, බ්රාහ්මී අක්ෂර බලන්න
බ්රාහ්මීය අක්ෂර මාලා යනුවෙන් හඳුන්වන්නේ අබුගිඩා ලේඛන ක්‍රම කුටුම්භයකි. මේවා ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ සිද්ධං අක්ෂර ස්වරූපයෙන් ජපානය ඇතුළු නැගෙනහිර ආසියාව යන ප්‍රදේශවල භාවිතා වේ. පුරාතන ඉන්දියාවේ බ්රාහ්මී හෝඩියෙන් සම්භවය වූ මෙම අක්ෂර මාලාවන් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ විවිධ භාෂා පවුල් තුළ භාවිතා වේ: ඉන්දු-ආර්ය, ද්‍රවිඩ, ටිබෙට්-බුරුම, මොංගෝලික, ඕස්ට්‍රෝආසියාතික, ඕස්ට්රෝනීසියානු සහ තායි භාෂා පවුල් තුළ මෙම අක්ෂර භාවිතා වේ.
මෙම ලිපිය තුළ භාරතීය පෙළ අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ හෝ කොටු, අස්ථානගත ස්වර හෝ නැතිවූ පිල්ලම් භාරතීය පෙළ වෙනුවට දිස්වනු ඇත.