පෘතුගීසි සොයාගැනුම්
From Wikipedia, the free encyclopedia
පෘතුගීසි සොයාගැනුම් (පෘතුගීසි: ඩිස්කෝබ්රිමේන්තුස් පෘතුගීසිස්) යනු, 15වන සහ 16වන සියවස් තුලදී ඔවුන්ගේ තීව්ර සාමුද්‍රීය ගවේෂණයන්හී ප්‍රතිඵලයක් ලෙසින් පෘතුගීසීන් විසින් සොයාගැනුනු අනේක දේශභූමි සහ සාමුද්‍රීය මං පෙත් වෙයි. සොයාගැනුම් යුගය ලෙසින් පසුව හැඳින්වුනු කාල සීමාවෙහිදී, යුරෝපියානු පාරසමුද්‍රික දේශගවේෂණයෙහි පෙරමුණ ගෙන සිටි පෘතුගීසි නාවිකයෝ, අප්‍රිකාවේ, කැනඩාවේ, ආසියාවෙහි සහ බ්‍රසීලයෙහි මුහුදුබඩ ප්‍රදේශ සොයාගනිමින් ඒවා සිතියම් ගත කළහ. යාත්‍රික හෙන්රි කුමරුවාගේ අනුග්‍රාහකත්වය මත 1419 වසරෙහිදී බටහිර අප්‍රිකාවේ වෙරළ තීරය ඔස්සේ ඇරඹුනු ක්රමානුකූල දේශගවේෂණ තුලදී , බර්තලමුවේ දියෙස් විසින් සුබ ආරංචියේ තුඩුව වෙත ලඟාවී 1488 වසරෙහිදී ඉන්දියානු සාගරයට ඇතුළු විය. වසර දහයකට පසුව, අප්‍රිකාව වටා ඉන්දියාව වෙත පළමු නැව් කණ්ඩායමට පෙරමුණ සැපයූ වස්කෝ ද ගාමා, කල්කතාව වෙත ලඟාවෙමින් පෘතුගාලයේ සිට ඉන්දියාව දක්වා සාමුද්‍රික මං පෙතක් ඇරඹීය. බ්‍රසීලය වෙත ලඟාවූ සැණින්, අග්නිදිග ආසියාව වෙතට යොමුවූ දේශ ගවේෂණ තුලින්, 1542 වසරෙහිදී ජපානය වෙත ලඟා විය.