ජනතාවාදය
From Wikipedia, the free encyclopedia
ජනතාවාදය යනු දේශපාලන භාෂිතයක් වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "ප්රභූන්ගේ" පාර්ශවය නොගනියි. [1] විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් ලතින් ඇමරිකාවට සහ ඉන්දියාවට සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,[උපහරණ ඇවැසිය] 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි පළමු ලෝක ප්රජාතන්ත්රවාදයන් තුලද, ජනතාවාදී න්යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.[උපහරණ ඇවැසිය]
ජනතාවාදියා සහ ජනතාවාදය යන පද, දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව පරිභවාත්මක ලෙසින් බොහෝ විට භාවිතා කරමින් කියා සිටීමට උත්සාහ දරනුයේ, මෙම ජනතාවාදීන් (බොහෝවිට වාග්ලංකාර හෝ 'යථාරූපී නොවන' යෝජනා තුලින්) මහජනයා හා සමගින් සහානුභූතිව හැසිරෙන්නේ, දේශපාලන ප්රේක්ෂාවලිය තුල ඔවුන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා පමණක් බවය. [2]