චන්ද්‍ර ගවේෂණය
From Wikipedia, the free encyclopedia
සෝවියට් සංගමය විසින් අභ්‍යාවකාශගත කෙරුණු, අභ්‍යාවකාශ ගවේෂකයක් වූ ලූනා 2 1959 සැප්තැම්බර් 14 වන දනදී සඳෙහි පාෂ්ඨය මත ගැටුම් පතනය වීමත් සමගම චන්ද්‍ර ගවේෂණය භෞතික ලෙසින් ඇරඹිනි. එයට පෙර ගවේෂණය සඳහා පැවති එකම විධික්රමය වුයේ නිරීක්ෂණය පමණි. ප්‍රකාශ දුරේක්ෂයේ සොයාගැනීමත් සමගම චන්ද්‍ර නිරික්ෂණයන්හී තත්ත්වය පිලිබඳ යෝධ පිමිමක් පැනීමට හැකි විය. තාරකා විද්‍යාත්මක කටයුතු සදහා දුරේක්ෂ්යක් භාවිතා කල පළමු වැන්නා ලෙස ගැලීලියෝ ගැලීලි සම්මාන ලබයි. ඔහු විසින් 1609 දී සාදා ගන්නා ලද දුරේක්ෂය මගින් පළමුව නිරීක්ෂණය කරන ලද දේවල් අතරට චන්ද්‍ර පෘෂ්ඨය මත වු කඳු සහ ආවාට අයත් විය.
1969 දී නාසාහී ඇපලෝ ව්‍යාපෘතිය විසින් ප්‍රථම වරට සඳ මතට සාර්ථකව මිනිසුන් ගොඩ බස්වන ලදී. ඔවුන් එහිදී විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට පාෂෘණ හා දත්ත නැවත රැගෙන එන ලද අතර ඒවා ආශ්රයෙන් ඇඟවූයේ චන්ද්‍රයා සංයුතියෙන් පෘථිවියට සමරූපී බවයි.