ඔපෙක් සංවිධානය
From Wikipedia, the free encyclopedia
ඔපෙක් යනු ලොව ඛනිජ තෙල් අපනයනය කරන්නන් ගේ සංවිධානයයි. වර්තමානයේ ලොව මහද්වීප තුනක් පුරා පැතිරුණු ඛනිජ තෙල් නිෂ්පාදනය හා අපනයනය කරන රාජ්‍යයන් 13 ක් මෙහි සාමාජිකත්වය දරයි. ආසියානු, ඇමරිකානු සහ අප්‍රිකානු මහද්වීපය පුරා මෙම රාජ්‍යයන් පැතිර තිබේ. ඇල්ජීරියාව, ඇන්ගෝලාව, කොන්ගෝව, ගුවානා, ගැබොන්, ඉරානය, ඉරාකය, කුවේටය, ලිබියාව, නයිජීරියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව යන රටවල් ඔපෙක් සංවිධානයේ සාමාජිකයෝ වෙති. මිලියන 484 ක ජනගහනයක් සහිත මෙම ඔපෙක් සාමාජික රටවල් වල ප්‍රධානතම වෙළෙඳ හා අපනයන ද්‍රව්‍ය ඛණිජ තෙල්ය. එසේම එම රටවල සමස්ත ආර්ථික, සමාජීය හා දේශපාලන සංවර්ධනය අපනයන ආදායම මත රදා පවතී. ඛනිජ තෙල් වලින් ලබන ආදායම කර්මාන්ත සහ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම එම රටවල ජනගහනයට සරිලන රැකියා අවස්ථා සැපයීමට හා අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය පහසුකම් සැපයීමටද තුඩුදෙයි. සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ එය පවත්වා ගැනීමට මෙහි ආදායම ඍජුව බලපාන කරුණකි.