ප්‍රතිවෛරස ඖෂධ
වෛරස් ආසාදන සඳහා භාවිත කරන ඖෂධ / From Wikipedia, the free encyclopedia
ප්‍රතිවෛරස ඖෂධ යනු වෛරස ආසාදනයන් කෙරෙහි ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධ කාණ්ඩයකි. ප්‍රතිජීවක ඖෂධ මෙන්ම ප්‍රතිවෛරස ඖෂධ ද වෛරස සදහා විශේෂ වේ. ප්‍රතිවෛරස ඖෂධ යන්න ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිදිලීර සහ පරපෝෂීන්ට එරෙහිව ඇති ඖෂධ අන්තර්ගතව ඇති ප්රතික්ෂුද්ර ජීවී ඖෂධ යන පුළුල් වර්ගීකරණයට අයත්වේ. ඒවා සාපේක්ෂ වශයෙන් ධාරකයා හට හානිකරන නොවන අතර එබැවින් ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කෙරේ. ඒවා සිරුරෙන් පිටතදී වෛරස අංශු අක්‍රීය කරන වෛරස නාශකවලින් වෙන්කර හදුනාගැනීම අවශ්‍ය වේ.
බොහොමයක් වූ ප්‍රතිවෛරස ඖෂධ හර්පීස් වෛරස හා එච්.අයි.වී . වෛරසය මගින් ඇති කරන රෝගී තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරනු ලබයි. තවද අක්මාවෙහි පිළිකා ඇති කරන හෙපටයිටීස් බී හා සී සදහා ද ඉන්ෆ්ලූවෙන්සා ඒ හා බී වෛරස ආසාදන සදහා ද ප්‍රතිවෛරස ඖෂධ භාවිතා වේ. වෙනත් ව්‍යාධි ජනකයින් සදහා ද ප්‍රතිවෛරස ඖෂධවල භාවිතය පිළිබදව පර්යේෂකවරුන් සිය පර්යේෂණය සිදු කරමින් පවතී. අළුතෙන් ප්‍රතිවෛරස ඖෂධයක් නිෂ්පාදනය කිරීම සදහා ජීවීන්ගේ ප්‍රවේනිය සහ අණුක කෘත්‍ය පිළිබදව වඩාත් පුළුල් දැනුමක් අවශ්‍ය වේ. එමගින් ජෛව වෛද්‍ය පර්යේෂකවරුන් හට වෛරසවල ආකෘතිය හා කෘත්‍ය පිළිබදව අවබෝධ කර ගත හැකි වේ. මෙම ක්රමෝපායන් මගින් අළුත් ප්‍රතිවෛරස ඖෂධ නිෂ්පාදනය කළ හැකි අතර වෛද්‍ය වෘත්තිකයන් හට ඇති ප්‍රබල ගැටළුව වනුයේ වසංගතයක් ලෙස ලොව පුරා ව්‍යාප්තවන මාරාන්තික එඩ්ස් රෝගය ඇති කරන එච්. අයි.වී. වෛරසයට එරෙහිව ප්‍රතිවෛරස ඖෂධයක් සොයා ගැනීමයි.
ප්‍රතිවෛරස ඖෂධ ඇතුළුව සියළුම ප්රතික්ෂුද්ර ඖෂධ පාහේ එම ප්‍රතිකාර ලබාදෙන අතරතුර දී ව්‍යාධි ජනකයින් පෙන්නුම් කරන ඖෂධ ප්රතිරෝධතාවයට මුහුණ පාති. වසර 2007 වන විට සාර්ථකව ලොවින් තුරන් කර තිබුණේ වසූරිය රෝගය පමණක්වන අතර පෝලියෝ රෝගය ඒ වන විටත් මුළු මනින්ම තුරන්කර නොතිබුණි. මෙම රෝග දෙකම ලොවින් තුරන් කිරීම පිණිස එම රෝගවලට එරෙහිව එන්නත් ලබාදීම සිදු කෙරිණි.