2 වන ආවර්තයේ මූලද්‍රව්‍යය
From Wikipedia, the free encyclopedia
2 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, ආවර්තිතා වගුවෙහි දෙවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, සමතුල්‍ය චර්යාවන්ගෙන් යුතු මූලද්‍රව්‍යයන්ගෙන් සමන්විත වන තීරු තනයි.
දෙවන ආවර්තයෙහි, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන් සහ, නියෝන් යන මූලද්‍රව්‍යයන් අඩංගු වෙති. මෙම සන්නිවේශය, පරමාණුක ව්‍යුහයෙහි නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. පරමානුක ව්‍යුහයෙහි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අනුව, 2s සහ 2p කාක්ෂිකයන් පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් අෂ්ටක නීතිය පිළිපැදෙන්නේ, ඒවායේ සංයුජතා කවචය සම්පූර්ණ කිරීමට ඉලෙක්ට්‍රෝක අටක් අවශ්‍ය නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දහයකට පමණක් වන අතර, ඒවායින් දෙකක් 1s කාක්ෂිකයෙහි වන අතර, තවද දෙකක් 2s කාක්ෂිකයෙහිද සහ, තව සයක් 2p කාක්ෂිකයෙහි වෙති. බෙරිලියම් සහ නියෝන් හැර දෙවන ආවර්තයේ අන් සැම මූලද්‍රව්‍යයකටම ද්විපරමාණුක අණු තැනිය හැක.