හැලිකාර්නසස් හි මොසෝලියම
පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකකි / From Wikipedia, the free encyclopedia
හැලිකාර්නසස් හි මොසෝලියම හෙවත් මොසෝලස්ගේ සොහොන්ගැබ[lower-alpha 1] (පුරාතන ග්‍රීක: Μαυσωλεῖον τῆς Ἁλικαρνασσοῦ; තුර්කි: Halikarnas Mozolesi) යනුවෙන් හැඳින්වෙන්නේ ඇකිමේනීය අධිරාජ්‍යයේ ක්ෂත්රපයකු වූ මෝසෝලස් සහ ඔහුගේ සහෝදරිය මෙන්ම භාර්යාව ද වූ කරියා හි දෙවන ආර්ටමීසියා වෙනුවෙන් ක්‍රි.පූ. 353 සහ ක්‍රි.පූ. 350 අතර කාලයේ හැලිකාර්නසස් (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය) ප්‍රදේශයෙහි ඉදිවූ සොහොන්ගැබකි. මෙම ගොඩනැගිල්ල සැළසුම් කරන ලද්දේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියකු වූ සැටරොස් සහ ප්රියේනියෙහි පිතියස් විසිනි.[1][2] මෙහි ඇති උස් වූ සොහොන් ව්‍යූහය ක්‍රි.පූ. 360 දී පමණ මෝසෝලස් විසින් ඈඳාගත් අසල්වැසි ලිෂියාවේ ආභාසය අනුව සාදා ඇත.[3]
Quick Facts හැලිකාර්නසස් හි මොසෝලියම, සාමාන්‍ය තොරතුරු ...
හැලිකාර්නසස් හි මොසෝලියම | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | නටබුන් වූ |
ප්‍රභේදය | සමාධිය |
ගෘහනිර්මාණ ශෛලිය | සම්භාව්‍ය |
නගරය | හැලිකාර්නසස්, ඇකිමේනීය අධිරාජ්‍යය (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය) |
රට | ඇකිමේනීය අධිරාජ්‍යය; වර්තමාන තුර්කිය) |
ඛණ්ඩාංක | 37°02′16″N 27°25′27″E |
විවෘතවූයේ | ක්‍රි.පූ. 351 |
බිඳහෙලීම | ක්‍රි.ව. 1494 |
අනුග්‍රාහකයා | මොසෝලස් සහ කරියා හි දෙවන ආර්ටමීසියා |
හිමිකරු | ආර්ටෂර්ෂස් III |
උස | ආසන්න වශයෙන් 42 m (138 ft) |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | සැටරොස් සහ ප්රියේනියෙහි පිතියස් |
වෙනත් සැලසුම්කරුවන් | ලියෝචාරිස්, බ්රයක්සිස්, ස්කෝපස් සහ ටිමොතියස් |
Close