හවානා
From Wikipedia, the free encyclopedia
හවානා නරගය කියුබාවේ අගනගරය වේ. එමෙන්ම ප්‍රධාන වරාය හා ආර්ථික මධ්‍යස්ථාන ද වේ. මෙම නගරය කියුබාවේ පිහිටි පළාත් 14 න් එකකි. හවානාහි පිටිසර ජනගහනය මිලියන 2.4 ක් වන අතර නාගරික ජනගහනය මිලියන 3.7 කි. එය කියුබාවේ විශාලතම නගරය වන අතර කැරිබියානු රාජ්‍යයේ දෙවන විශාලතම නගරයයි. එමෙන්ම නගරයේ බටහිරින් හා දකුණින් මුහුදු තිරය පිහිටා ඇති අතර එහි මැරිමෙලෙනා, ගුවානා බාකෝවා, හා එටරිස් නම් ප්‍රධාන වරායන් තුනක් ද වේ. නගරයේ දකුණේ සිට උතුරට ආමන්ඩෙයාර්ස් නදිය සෙමින් ගලාබසින අතර, ෆ්ලොරිඩා දෙසින් කි.මී. කිහිපයක් බටහිරට වන්නට මුහුදට ගලා බසි. ජනගහනය වර්ධනය විම හේතුවෙන් 1959 දී නගරයේ ජනගහනය වර්ධනය සීමා කරන ලදී.
රට | කියුබා |
ප්‍රදේශය | ලා හබානා |
රාජ්‍යය | නගරාධිපති රාජසභාව |
නගරාධිපති | ජුවෑන් කොන්ටිනො ඇස්ලෑන් |
වර්ගඵලය | 721 වර්ග කිලෝමීටර් (278.4 වර්ග සැතපුම්) |
උන්නතාංශය | 59 මීටර් (194 ft) |
ජනගහනය (2009) | |
මුළු එකතුව | 2,141,993 |
ඝනත්වය | 2,970.8/වර්ග කිලෝමීටර් (7,694.3/වර්ග සැතපුම්) |
1592 දී ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජු හවානා නගරය ප්‍රධාන නගරයක් ලෙස හැඳින්වූවේය. 1634 දී රාජ්‍ය නියාමයෙන් එය වර්තමාන ලෝකයේ පටන්ගැන්ම වශයෙන් ද, බටහිර ඉන්දියාවේ කොටුබැම්ම ලෙස ද ප්‍රචලිත කරවිය. ස්පාඤ්ඤ ජාතිකයන් තම ආරක්ෂාව තර කොට 1553දී එවකට ආණ්ඩුකාරවරයාගේ නිල නිවාස හවානා නගරයට රැගෙන ආහ. හවානා නගරය අගනගරය බවට පත් වුණි. ආරක්ෂාව තර කර ගැනිමට ප්‍රධාන හේතුව වුයේ ඉංග්රිසින්, ප්‍රංශ මෙන්ම ලන්දේසි මුහුදු කොල්ලකරුවන් දහසය වන ශතවර්ෂයේදී හවානා නගරයට පහර දිමයි. හවානා වරායේදි මේන් නැමැති ඇමරිකානු යුධ නැව ගිල්විම හේතුකොට ගෙන ස්පාඤ්ඤය හා ඇමරිකානුවන් අතර යුද්ධ ආරම්භ විය.