සොං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
සොං රාජවංශය (960–1279) යනු පංච රාජවංශ සහ දස රාජධානි යුගය (907–960) ලෙස හඳුන්වන යුගයෙහි අනුප්‍රාප්තික සහ යුවාන් රාජවංශයේ (1271–1368) පූර්වප්‍රාප්තික චීන අධිරාජකීය රාජවංශයයි. 1279දී යුවාන් රාජවංශය විසින් සොං රාජවංශය යටත් කරගන්නා ලදී. උතුරු සොං රාජවංශය (960–1127) සහ දකුණු සොං රාජවංශ (1127–1279) ලෙස සම්මුතික බෙදීම නිර්මාණය වූයේ 1127දී ජින් රාජවංශය (1115–1234) විසින් උතුරු චීන දේශසීමාව යටත් කරගැනීම නිසායි. අනතුරුව උතුරේ බියෑන්ජිංහි (වර්තමාන කායිෆෙං) වූ අගනුවර දකුණේ ලින්’අන් (වර්තමාන හැංචෞ) වෙත ගෙනයන ලදී.
පහතින් දැක්වෙන්නේ විහාර නාම, මරණාපර නාම, දෙන ලද නාම සහ යුග නාමයන් ඇතුළත් සම්පූර්ණ සොං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුවකි. මෙම රාජවංශය පිහිටුවන ලද්දේ චාඕ කුවාංයින් විසින් වන අතර ඔහු ටයිෂු අධිරාජයා (රාජ්‍ය. 960–976) බවට පත් විය. රාජවංශය සමාප්ත වූයේ චාඕ බිංගේ (රාජ්‍ය. 1278–1279) මරණයෙන් පසුවයි. උතුරු සොංහි අවසාන අධිරාජයා වූයේ ක්වින්ෂොං අධිරාජයා (රාජ්‍ය. 1126–1127) ය. පළමු දකුණු සොං අධිරාජයා වූයේ ගඔෂොං අධිරාජයා (රාජ්‍ය. 1127–1162) ය.
අධිරාජයා හෙවත් හුවාංඩි යනු සොං රාජවංශය ද ඇතුළත්ව චීනයේ අධිරාජ්‍ය අවධියේ (ක්‍රි.පූ. 221 - ක්‍රි.ව. 1912) උත්තරීතර රාජ්‍යයේ ප්රධානියායි. ප්‍රවේණික පාලකයකු වූ ඔහු විධායක බලය සමග නිලධාරී විභාගවල දී පෙන්වන කුසලතාව අනුව විවිධ නිලතල දැරූ සිවිල් නිලධාරීන් මණ්ඩලයකට හිමිකම් කීයේ ය. සොං රාජවංශ සමයේ සිවිල් නිලධාරීවාදයේ සහ වංශවතුන්ගේ වැදගත්කම වර්ධනය වීම නිසා මහජන ප්‍රතිපත්ති හැඩගැස්වීමට අධිරාජයාට හිමිවූයේ සීමිත අවකාශයකි. එසේවුව ද ඔහු තවදුරටත් ඔහුගේ වංශවතුන්ගේ අධිකාරය පවත්වා ගැනීමට සමත් වූයේ ය. නව නීති ස්ථාපිත කිරීමට පරම අයිතිය ඔහුට හිමි විය. එසේවුව ද, ඔහු සිය රාජවංශයේ පෙර අධිරාජවරුන්ගේ නීතිමය පූර්වාදර්ශයන්ට ගරුකරනු ඇතැයි අපේක්ෂා කෙරිණි.[1]