සුවිසල් පැතුම්
From Wikipedia, the free encyclopedia
"සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) යනු චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වන නවකතාව වන අතර එය ඔහු විසින් නිමකරන ලද අවසාන නවකතාව යි. අනුවර්ත නාමයෙන් "පිප්" ලෙස හඳුන්වන අනාථ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳ ව මෙයින් නිරූපණය කෙරේ. මෙය ඩේවිඩ් කොපෆීල්ඩ් නවකතාවෙන් පසුව ඩිකන්ස් විසින් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචිත දෙවන නවකතාවයි. මෙම නවකතාව ප්‍රථම වරට ඩිකන්ස්ගේ සතිපතා සඟරාව වන සර්ව වාර්ෂික වටයේ 1860 වර්ෂයේ දෙසැම්බර් 1 සිට 1861 අගෝස්තු මස දක්වා පළ විය. 1861 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී චැප්මන් සහ හොල් විසින් නවකතාව වෙළුම් තුනකින් ප්‍රකාශයට පත් කළහ.
මෙම නවකතාව 19 වන සියවසේ මුල් භාගයේ සිට මැද භාගයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ද ඩිකන්ස්ගේ වඩාත් සුප්‍රකට දර්ශනයන් ද උපයෝගී කරගනිමින් මෙම නවකතාව නිර්මාණය කර ඇත. මෙය සොහොන් භූමියක දර්ශනයකින් ආරම්භ වන අතර එහි දී ඇබෙල් මැග්විට්ච් කුඩා පිප් ව අමතයි. "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) නවකතාව දුප්පත්කම, සිරගෙවල්, නැව් හා දම්වැල් , මරණය වෙනුවෙන් සටන් කිරීම වැනි ඉතාමත් ප්‍රබල සංකල්ප රූපවලින් සමන්විත වේ. එමෙන් ම මෙහි ඉතාමත් අනර්ග චරිත සංකලනයක් දක්නට ලැබේ. ගුප්ත හැසිරීමවලින් යුක්ත වූ මිස් හැවිෂෑම්, රූමති එහෙත් අනුකම්පා විරහිත එස්ටෙලා, අවංක හා කරුණාවන්ත කම්මල්කරුවකුවන ඡෝ මේ සඳහා කදිම උදාහරණ වේ. ඩිකන්ස්ගේ තේමාවන් අතර ධනවත්භාවය හා දුප්පත්කම, ආදරය හා ප්‍රතික්ෂේප කිරීම හා අවසානයේ දී නපුරට එරෙහිව යහපත ඡය ගැනීම ඇතුළත් වේ. පාඨකයන් හා සාහිත්‍ය විචාරකයන් අතර ඡනප්‍රිය වූ "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) නවකතාව බොහෝ භාෂාවන්ට පරිවර්තනය කර ඇති අතර නොයෙකුත් අවස්ථාවන් හීදී විවිධ මාධ්‍යයන්ට අනුගත වී ඇත. නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය විශ්වීය පිළිගැනීමට පත් විය. එහෙත් ඩිකන්ස්ගේ සමකාලීනයකු වූ තෝමස් කාලයිල් එයට නිගා දෙන ලෙස " නොන්සන්ස් පිප්" (විකාර පිප්) ලෙස හැඳින්වුවද. ඔහු සෑම අලුත් කොටසකින්ම සිනහවකින් ප්‍රතිචාර දැක්වීය. පසුව ඡෝඡ් බර්නාඩ් ෂෝ මෙම නවකතාවට ප්‍රශංසා කරනු ලැබුවේ "සෑම කොටසකින්ම නිත්‍යවශයෙන් ම සත්‍යවාදී ය" ලෙස යි. කාණ්ඩ වශයෙන් වූ පුකාශනයන් හී දී, "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) හා එහි විකිණුම කෙරෙහි මහඡනයාගේ ප්‍රතිචාරය පිළිබඳ ව ඩිකන්ස් ඉමහත් ප්‍රීතියට පත් විය. කතාවස්තුව මුලින් ම ඔහුගේ මනසේ ඇති වූ විට , ඔහු එය හැඳින්වූයේ " නැවුම් ඉතා අනර්ඝ හා විකෘති රූපී අදහසක් ලෙස යි. " 21 වන සියවසේ දී නවකතාව සාහිත්‍ය විචාරකයින් අතර හොඳ ඇගයීමක් ලැබූ අතර 2003 වසරේ දී එය බී.බී.සී හීද " ද බිග් රීඩ්" විමසුමෙහි 17 වන ස්ථානයට පත් විය.