සම්බන්ධක පටකය
From Wikipedia, the free encyclopedia
සම්බන්ධක පටකය (ඉංග්‍රීසි: Connective tissue, CT) යනු මූලික ජෛව විද්‍යාත්මක පටක ආකාර හතරෙන් එකකි. එය දේහයේ විවිධ අවයව හා පටක එකිනෙක සම්බන්ධ කරමින් හෝ වෙන් කරමින් ආධාරවන පටක විශේෂයකි. මෙය සම්භවය වන්නේ මධ්යචර්මයෙනි. සෙසු මූලික පටක ආකාර තුන නම් අපිච්ඡද, පේශී සහ ස්නායු පටකයයි. ස්නායු පද්ධතිය ඇතුළුව සිරුරේ සෑම ස්ථානයකම පාහේ සම්බන්ධක පටක දක්නට ලැබෙයි. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය සහ සුෂුම්නාව ආවරණය කරමින් පිහිටන බාහිර පටල ත්‍රිත්වය (මෙනින්ජි පටල) ද සම්බන්ධක පටකවලින් සමන්විත ය.
සම්බන්ධක පටක | |
---|---|
හඳුන්වනයන් | |
FMA | 96404 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
සෑම සම්බන්ධක පටකයක්ම ප්‍රධාන සංරචක තුනකින් සමන්විත ය: එනම් තන්තු (ප්‍රත්‍යාස්ථ සහ කොලැජන් තන්තු),[1] පූරකය සහ සෛල වේ. (රුධිරය[2] හෝ වසා සම්බන්ධ පටකවල මෙම සියලු සංරචක දක්නට නොලැබේ) රුධිරය සහ වසා පටකයේ තන්තු සංරචකය දක්නට නැත. එහි සංරචක සියල්ල දේහ තරලයේ ගිලී ඇත.
සම්බන්ධක පටකවල ඇති සෛල වර්ග අතර, තන්තුකාරක සෛල, මේද සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල සහ සුදු රුධිර සෛල යන සෛල වර්ග දැකගත හැක.