සතියෙහි දිනවල නම්
From Wikipedia, the free encyclopedia
බොහෝ භාෂාවලින්, සතියේ දින හත සඳහා ලබා දී ඇති නම් හෙලනිස්ටික් astronomy හි එන ග්‍රහලෝකවල නම් වලින් ලබාගෙන ඇත. ඒවා සමකාලීන දෙවිවරුන්ගේ නම් ද වෙයි. එය සුමේරියානුවන් විසින් හඳුන්වා දුන් ක්‍රමයක් වන අතර පසුව එය බැබිලෝනියන්වරු විසින් අනුගමනය කරන ලදී. රෝම අධිරාජ්‍යය මෙම ක්‍රමය අනුගමනය කළේ Late Antiquity යුගයේ දී ය.[1] වෙනත් සමහර භාෂාවලින්, ඒවායේ ප්‍රාදේශීය සංස්කෘතියේ අනුරූප දෙවිවරුන්ගේ නමින් දින නම් කර ඇත. දින ආරම්භ වීම ඉරිදා හෝ සඳුදා සිට හෝ වෙයි. මුල් ක්‍රිස්තියානි ධර්මය තුළ හීබෲ දින දසුන සතු දින හතක සතිය සම්මත වූ අතර ක්‍රමයෙන් රෝමානු nundinal cycle නම් වූ ක්‍රමය යටපත් විය. ඉරිදා දිනය සතියේ පළමු දිනය ලෙස පැවති අතර, එය සූර්ය දෙවියා වන සොල් ඉන්වික්ටස්ගේ දිනය සහ ස්වාමි දරුවන්ගේ දිනය ලෙස සැලකෙයි. නමුත් යුදෙව් සබත් දිනය හත්වන දිනය ලෙස පවතියි. ක්‍රිස්තු වර්ෂ 321 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දින හතක සතියක් නිල භාවිතය සඳහා යොදාගත් අතර, සූර්යයාගේ දිනය (dies Solis) නෛතික නිවාඩු දිනයක් බවට පත් කළේය.[2]
ISO 8601 ජාත්‍යන්තර සම්මතයේ, සඳුදා සතියේ පළමු දිනය ලෙස සලකනු ලැබෙයි. නමුත් බොහෝ රටවල එය සතියේ දෙවන දිනය ලෙස සැලකෙයි.