සත්ව යාත්‍රණය
From Wikipedia, the free encyclopedia
සත්ව යාත්‍රණය යනු සිතියමක් හෝ වෙනත් මෙවලමක් භාවිතයෙන් තොරව සතුන්ට ගමන් මඟ නිරවද්‍යව සොයා ගැනීමට ඇති හැකියාවයි. උත්තරධ්‍රැව මුහුදු ලිහිණියා වැනි පක්ෂීන් ද ,මොන'ච් සමනළයා වැනි කෘමීන් ද, සැමන් වැනි මසුන් වර්ග ද, ඔවුන්ගේ අභිජනන භූමීන්ගෙන්[1] සැතපුම් දහස් ගණන් ඉවතට සහ ඒ වෙතට නිරන්තර සංක්රමණයෙහි යෙදෙන අතර නොයෙකුත් සෙසු විශේෂයන් ඵලදායි ලෙස කෙටි දුර යාත්‍රණයෙහි යෙදෙන්නේය.
නිශ්චිත ගණන් බැලීම (Dead reckoning) නොහොත් දන්නා ස්ථානයක සිට තම වේගය සහ දිශාව පිළිබඳ වූ තොරතුරු ආශ්‍රිතව පමණක් යාත්‍රණය සිදුකල හැකි ක්‍රියාවක් බව 1873 වර්ශයේදී චාර්ල්ස් ඩාවින් විසින් යෝජනා කරන ලද්දේය. විසි වන ශත වර්ශයේදී කාර්ල් වොන් ෆ්රිස්ච් විසින් මීමැස්සන් හට සූර්යයා, පැහැදිලි අහසේ ධ්‍රැවීකරණය සහ භූමියේ චුම්භක ක්ෂේත්රය මගින් යාත්‍රණය සිදු කළ හැකි බවත්, මෙම ආකාරයන්ගෙන් ඔවුන් භව්‍ය අවස්තාවන්ගේදී සූර්යයාගෙන් යාත්‍රණය සිදු කරණ බවත් පෙන්ව දුන්නේය. විලියම් ටින්ස්ලි කීන්ටන් පෙන්වා දෙනු ලැබුවේ නිවසාගමනයෙහි යෙදෙන පරවියන්ද මීට සම වූ යාත්‍රණ සලකුණු යොදගන්නා බවය, එහිදී ද හිරු, භූමෙයෙහි චුම්භක ක්ෂේත්රය, ආඝ්රණය සහ දෘෂ්ටිය යොදාගනු ලැබේ. රොනල්ඩ් ලොක්ලෙයි විසින් පහැදිලි කෙරෙන පරිදි කුඩා මුහුදු පක්ෂි විශේෂයක් වන මැන්ක්ස් ශියර්වෝටර් නිවසින් බොහෝ දුරකින් සිට අත හැරියද හිරු හෝ දර්ශනය වන තරු පද්දති පවතින්නෙහි නම් ඔවුන් විසින්ම ස්ථාන ගතවී තම නිවසකරා වේගයෙන් පියාසර කල හැකි වන්නේය.
නොයෙකුත් වර්ගයන්ගේ සත්වයන් හට විවිධ වූ සලකුණු ක්‍රම එක්කර භාවිතා කිරීම මගින් තම ස්ථානගත වීම සහ නිරවද්‍ය ගමන්පෙත ඵලදායි ලෙස සොයා ගැනීම සිදු කර ගත හැකි වන්නේය.කෘමීන් සහ පක්ෂීන්හට පෙරදත් මංසලකුණු සමග යායුතු බව හැඟෙන දිශානතිය (භූමෙයෙහි චුම්භක ක්ෂේස්ත්‍රය සහ සූර්යයා මගින්) එක්කිරීම මගින් තමන් සිටිනා ස්ථානය දැනගැනීමටත් ඒ අනුව යාත්‍රණයෙහි යෙදීමටත් හැක්කේය. අභ්‍යන්තර 'සිතියම්' බොහෝ විට දෘෂ්ටිය උපයෝගී කරගනිමින් සෑදෙන නමුත්, ආඝ්‍රාණය, පරාවර්තනය වන ශබ්ද තරංඟ වැනි වෙනත් සංවේදන මගින්ද සිදු කළ හැකි වන්නෙහිය.
වන සතුන්ගේ යාත්‍රණ හැකියාවට මිනිස් ක්‍රියාකාරකම් මගින් අහිතකර බලපෑම් එල්ල විය හැක. උදාහරණයක් ලෙස පළිබෝධක නාශක මගින් මීමැස්සන්ගේ ගමන්මඟ සොයා ගැනීමට ඇති හැකියාව නිරෝධනය විය හැකි සාධක පවතින බවට ප්‍රකාශ වේ.