ෂකීබ් අල් හසන්
From Wikipedia, the free encyclopedia
ෂකීබ් අල් හසන් (බෙංගාලි: সাকিব আল হাসান; උපත 1987 මාර්තු 24) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සහ වි20ජා ක්‍රිකට් වල වත්මන් නායකයෙකි.[1] ඔහු අයිසීසී එදිජා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කර ඇත.[2][3] ඔහු මැද පෙළෙහි ආක්‍රමණශීලී වමත් පිතිකරණ විලාසයක් භාවිතා කරන අතර මන්දගාමී වමත් ඕතඩොක්ස් පන්දු යැවීම සිදු කරයි. ඔහු 2019 දී ESPN විසින් ලොව ප්‍රසිද්ධම ක්‍රීඩකයා ලෙස 90 වැනි ස්ථානයට පත් විය.[4]
ෂකීබ් අල් හසන් 2007 වසරේදී ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය. 2008 වසරේ නවසීලන්තයට එරෙහිව චිතගොං හි පැවති ටෙස්ට් තරගයේදී ඔහුගේ ඉදිරි ගමන සිදු විය. 2012 ආසියානු කුසලානයේ දී ශකීබ් අර්ධ ශතක තුනක් ඇතුළුව ලකුණු 237ක් රැස් කළ අතර කඩුලු 6ක් ද දවා ගත්තේය. බංග්ලාදේශය පළමු වරට තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි අතර එහිදී පාකිස්තානය හමුවේ ලකුණු දෙකකින් පරාජයට පත්විය. ෂකීබ් අල් හසන් ක්‍රීඩාවේ දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබුවා. පිත්තෙන් සහ පන්දුවෙන් ඔහුගේ විශිෂ්ට දස්කම් නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා විය. ඔහු මුළු ලකුණු 606ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 3වන ස්ථානයට පත්විය.[5] ඔහු සියලු ආකාරවලින් තරගයේ වීරයා සම්මාන 31ක් සහ තරගාවලියේ වීරයා සම්මාන 16ක් ලබා ඇත.[6] දැනට, ඔහු සචින් ටෙන්ඩුල්කාර් සහ විරාත් කෝලිට පසුව සියලුම ආකාරයේ තරඟාවලියන්හි 3 වන වැඩිම හොදම ක්‍රීඩකයා සම්මානයට හිමිකම් කියයි.[7] 2022 ජූනි වන විට, ෂකීබ් පිරිමි වි20ජා කඩුලු 119ක් ද, වි20ජා ලෝක කුසලානවල කඩුලු 41ක් ද ලබා ගෙන එම ලැයිස්තුවල ප්‍රථම ස්ථානයේ වාර්තාවට හිමිකම් කියයි.