ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම
ජාතික ක්‍රීඩා කණ්ඩායම / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී ටෙස්ට් තත්ත්වය පිරිනැමීමත් සමගම, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | දිමුත් කරුණාරත්න (ටෙස්ට්) කුසල් මෙන්ඩිස්(එදිජා) වනිදු හසරංග (20-20ජා) | |||
පුහුණුකරු | Chris Silverwood | |||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1982 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව කොලඹ දී 17–21 පෙබරවාරි 1982 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | කොදෙව්වන්ට එරෙහිව මැන්චෙස්ටර් හිදී 7 ජූනි 1975 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | එංගලන්තයට එරෙහිව සදම්ස්ටන් හිදී 15 ජූනි 2006 | |||
| ||||
ශ්‍රී ලංකාව එහි අද්විතීය ක්‍රිකට් විලාසය සඳහා ප්‍රසිද්ධය, එය දක්ෂතාවය සහ සියුම් බව උපායශීලී නූස් සහ අනුවර්තනය වීමේ හැකියාව ඒකාබද්ධ කරයි. කණ්ඩායමේ උද්යෝගිමත් ක්‍රීඩා විලාසය සහ නව්‍ය උපක්‍රම නිසා එය අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන්ගෙන් වෙන් කොට ලොව පුරා බොහෝ රසිකයින් දිනා ඇත.
පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. වර්ශාවෙන් බාධා පැමිණි 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ.එමෙන්ම 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීය.2012 20-20 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් තරගයටද සුදුසුකම් ලැබීය. 2014 20-20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.ඉන් පසු 2015 වසරේදී අර්ධ අවසන් පුර්ව වටයටද සුදුසුකම් ලැබිය.