විද්‍යාඥයෝ
From Wikipedia, the free encyclopedia
විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්නෙන් අදහස් වන්නේ, විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන පුද්ගලයෙක් වෙයි .[1] මෙම පුද්ගලයා, විද්‍යාවෙහි එක් ක්ෂේත්රයක හෝ බොහෝ ක්ෂේත්රයන්හී හෝ හසලයෙක් විය හැකිය.[2] මෙම ලිපිය විසින් අවධානය යොමු කරන්නේ වදනෙහි වඩාත් පටු භාවිතය වෙතය. භෞතික, ගණිතමය සහ සාමාජීය ක්ෂේත්රයන් ඇතුළු ස්වභාවධර්මය පිළිබඳ වඩාත් පෘථුල අවබෝධයක් සාක්ෂාත් කර ගැනුම වෙත පර්යේෂණ සිදු කිරීම විද්‍යාඥයින් වෙතින් සිදු වෙයි.
වෘත්තිය | |
---|---|
නම් | විද්‍යාඥයා |
වෘත්තියෙහි වර්ගය | වෘත්තිය |
ක්‍රියාකාරිත්ව අංශ | විද්‍යාත්මක ක්‍රමය භාවිතා කිරීම |
විස්තරය | |
නිපුණතා | විද්‍යාව (තාරකා විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, පරිගණක විද්‍යාව, රසායන විද්‍යාව, විශ්ව විද්‍යාව, භූගෝලය, භූ විද්‍යාව, නීති විද්‍යාව, ගණිතය, පාෂාණිය ධාතු විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ අනෙක්වා) |
දර්ශන විද්‍යාව යනු ප්‍රභින්න ක්‍රියාවලියක් වන අතර එය සාමාන්‍යයෙන් විද්‍යාව ලෙසින් නොසැලකෙයි.
කිසියම් විශේෂිත අවස්ථා සඳහා මෙවලම් සැලසුම් කිරීම, තැනීම සහ නඩත්තුකිරීම සිදු කරන ඉංජිනේරුවන් වෙතින්ද විද්‍යාඥයෝ වෙනස් වෙති; කෙසේවෙතත්, විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ සැලකිය යුතු අධ්‍යයනයකින් තොරව කිසිම ඉංජිනේරුවරයෙකුට එම පදවිය අත්පත් කර ගත හැකි නොවේ. ප්‍රායෝගික උපයෝගිතාවයක් වෙත එල්ල කරමින් විද්‍යාව මෙහෙයවෙන විට එය හැඳින්වෙන්නේ ව්‍යවහාරික විද්‍යාව ලෙසිනි. ව්‍යවහාරික විද්‍යාඥයෙක් විසින් කිසියම් විශේෂිත දෙයක් සැලසුම් කිරීම සිදු නොවිය හැකි අතර, ඒ වෙනුවට ඔහු වෙතින් නව තාක්ෂණ ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙහි අරමුණ සහිතව පර්යේෂණ සිදු විය හැකිය. යථාර්ථයෙහි අස්පර්ශනීය අංශයන් ඇතුළුව විද්‍යාව මෙහෙයවෙන විට එය ස්වභාවික දර්ශන විද්‍යාව ලෙසින් හැඳින්වෙයි.