ලිංගික අතවරය
From Wikipedia, the free encyclopedia
ලිංගික අතවරය (sexual harassment) යනු ලක්වන පුද්ගලයා චිත්ත පීඩාවට හෝ අපහසුවට පත්වන ආකාරයේ හෝ ඔහු හෝ ඇය විසින් අනවශ්‍ය, නුසුදුසු, අනුමත කළ නො හැකි ලෙස සලකනු ලබන ආකාරයේ ලිංගිකමය ස්වරූපයක් ගන්නා හැසිරීම් වේ. ලෝකයේ රටවල් රැසක ම නෛතික ලේඛනවල සහ ජාත්‍යයන්තර ලියවිලි වල මෙය නිර්වචනය කර ඇත්තේ අනුමැතිය නොලැබූ ලිංගික ප්රයත්නයක් (unwanted sexual advance) ලෙස ය. නූතන නීති පද්ධතියක් පවතින සෑම රටක ම පාහේ මෙය අපරාධ වරදක් වන අතර සේවාස්ථාන දී මෙන් ම පොදු මහජන අවකාශයන් තුළ දී ද සිදුවන මෙවැනි ක්‍රියා කාන්තාවන්ට සුරක්ෂිත සහ ගෞරවණීය වෘත්තීය සහ සමාජ පරිසරයක් ඇතිකිරීමට දැඩි බාධාවක් වී තිබේ. මෑතක දී ඇරඹුණු මී ටූ (MeToo) ව්‍යාපාරය විසින් මෙය බරපතළ ලෙස ගැනීමට දැවැන්ත මැදිහත්වීමක් කරන ලදී. ශ්‍රී ලංකාවේ ද දණ්ඩ නීති සංග්‍රහයට කරන ලද 1995 අංක 22 දරණ සංශෝධනයෙන් මෙය අපරාධ වරදක් කර ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය මේ පිළිබඳ ව නීති තත්ත්වය ආවරණය කරයි.