ලවණ ග්‍රන්ථි
From Wikipedia, the free encyclopedia
ලවණ ග්‍රන්ථියක් යනු අතිරික්ත ලවණ බහිස්ස්‍රාවය සදහා ඇති අවයවයකි. එය හමුවන්නේ elasmobranch (මෝරුන්, මඩුවන්), මුහුදු පක්ෂීන් සහ සමහර උරගයන් තුළ ය. මෝරුන්ගේ මෙම ග්‍රන්ථි හමුවන්නේ ගුදමාර්ගයේ ය. . පක්ෂීන් සහ උරගයන්ගේ මෙම අවයවය හිස්කබල තුළ හෝ මත ඇස්, නාස්විවර හෝ මුඛයට ආසන්නව පිහිටයි. කණ්ඩිකාවලින් සමන්විත මෙම ග්‍රන්ථි මධ්‍යයේ ඇති බහිස්ස්‍රාවී නාළයේ සිට විහිදෙන නාලිකාවලින් යුක්ත ය. ස්‍රාවී නාලිකා තනි අපිච්ඡද සෛල ස්තරයක් මත පිහිටයි. මෙම ග්‍රන්ථිවල විෂ්කම්භය හා දිග සත්ත්ව විශේෂය ලබාගන්නා ලවණ ප්‍රමාණය මත වෙනස් වේ.[1]
ලවණ ග්‍රන්ථි මගින් ලවණ තුල්‍යතාව යාමනය කරන අතර ඒවා නිසා කරදිය පෘෂ්ඨවංශීන්ට කරදිය පානයට ඉඩ සැලසේ.[2] සෝඩියම්-පොටෑසියම් පොම්පය හරහා සිදුවන සක්‍රීය පරිවහනය, මෙහි පාර්ශ්විකපාදස්ථ පටලයේ (basolateral membrane) දැකිය හැක. එහිදී රුධිරයේ සිට ග්‍රන්ථිය තුළට ලවණ ස්රාවය සිදුවේ. එහිදී ලවණ සාන්ද්‍ර ද්‍රාවණයක් ලෙස බහිස්ස්‍රාවය සිදුකෙරේ.