ලක්දිව රාජාවලිය
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මහාවංශයට අනුව ලක්දිව පළමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්රි.පූ. 435දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. විවිධ වෙනස්කම් වෙමින් වසර දහස් ගණනක් පැවත් එය ක්රි.ව. 1972 දී දෙවන එලිසබෙත් රැජිණගේ රජ සමයනේ අවසන් විය.
Quick Facts ලක්දිවහි රජවරු, පළමු රජ ...
ලක්දිවහි රජවරු | |
---|---|
පළමු රජ | විජය |
අවසන් රජ | දෙවන එලිසබෙත් |
ස්ථාපනය | ක්රි.පූ. 543 |
අහෝසි කිරීම | ක්රි.ව. 1972 මැයි 22 |
Close
මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්රාප්තික රාජධානිවල රාජ්ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි.[1] මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්රමය අනුව මෙහි පෙළගස්වා ඇත.
නිල් පැහැයෙන් ඉස්මතු කොට ඇත්තේ සිංහල රාජාණ්ඩුවේ විදේශ පාලකයින් ය.