ලංකාවේ රාජාණ්ඩුව
From Wikipedia, the free encyclopedia
ලංකාවේ රාජාණ්ඩුව (ලාංකීය රාජාණ්ඩුව) වනාහී 1948 සිට 1972 දක්වා ආවේණික රජෙකු ලංකා ඩොමීනියන් රාජ්‍යයේ (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) මහරජ ලෙසින් රජ කල ආණ්ඩුක්රමයකි[1]. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යයන් ගණනාවක් හා සමග මෙම මහරජගේ ආධිපත්‍යය හවුලේ භුක්ති විඳීමට ලංකාවට සිදු විය. රජුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භූමිකාවේ බොහෝ ලෙසින් ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වෙත පවරා තිබුණි. 1701 ඉංග්‍රීසි නිරාකරණ පණත විසින් නියම කරනු ලැබුණු ක්‍රම වේදයක් පරිදී රාජකීය උරුමක්‍රමය ක්‍රියාත්මක විය .
1972 මැයි 22 දිනදී රාජාණ්ඩුව අහෝසි කරන ලද්දේ, ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට පත්වී එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කිරීමත් සමගය.