රුසියාවෙහි ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
රුසියාවේ ඉතිහාසය ආරම්භ වන්නේ නැගෙනහිර ස්ලාව් ජාතිකයන්ගේ ඉතිහාසයෙනි. විශේෂයෙන්ම රුසියානු ඉතිහාසයේ සම්ප්‍රදායික ආරම්භක දිනය වන්නේ 862 දී උතුරේ රුස් රාජ්‍යය පිහිටුවීමයි. එය වරංගියානුවන් විසින් පාලනය කරන ලදී. ස්ලාවික් සහ ෆිනික් ජාතිකයන් සමඟ ස්කැන්ඩිනේවියාවෙන් පැමිණි සංක්‍රමණිකයන්ගෙන් සැදුම් ලත් පළමු ප්‍රධාන නගර වූයේ ස්ටරයා ලාගොදා සහ නොව්ගොරොඩ් වෙති. 882 දී නොව්ගොරොඩ්හි ඔලෙග් කුමරු කියෙව් අල්ලා ගත් අතර එමඟින් නැගෙනහිර ස්ලාව් ජාතිකයන්ගේ උතුරු සහ දකුණු භූමි ප්‍රදේශ එක් අධිකාරියක් යටතේ ඒකාබද්ධ කළේය. 988 දී රාජ්‍යය බයිසැන්තියානු අධිරාජ්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මය ලබා ගත් අතර, ඊළඟ සහස්‍රය සඳහා රුසියානු සංස්කෘතිය නිර්වචනය කළ බයිසැන්තියානු සහ ස්ලාවික් සංස්කෘතීන්ගේ සංශ්ලේෂණය ද එම කාල වකවානුවේ දී ආරම්භ විය. 1237-1240 මොන්ගෝලියානු ආක්‍රමණ හේතුවෙන් ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය යාමත්, බොහෝ රුසියානු රාජ්‍යයන්ට මොංගල්වරුන්ගේ අධිපතිත්වය පිළිගැනීමට බල කිරීමත් සමඟ කීවන් රුස් අවසානයේ රාජ්‍යයක් ලෙස බිඳී ගියේය
13වන සියවසට පසුව, මොස්කව්, සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. 18වන සියවස වන විට, පෝලන්ත–ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයෙහි සිට නැගෙනහිර දෙසට ශාන්තිකර සාගරය දක්වා විහිදුනු, අතිවිශාල රුසියානු අධිරාජ්‍යය බවට, රුසියාවේ සාර් රාජධානිය පත් විය. බටහිර දෙසට එහි ව්‍යාප්තිය තුලදී, යුරෝපයෙහි අනෙකුත් කොටස වෙතින් එය හුදෙකලාව සිටි අයුරු පිළිබඳ දැනුවත්වීම තීව්ර කර ගැනුමට රුසියාව සමත්වූ අතර, එහි ව්‍යාප්තියෙහි මුල් අදියර තුලදී එය පැවතුනු හුදෙකලා තත්ත්වය බිඳ දැමීමට හේතු විය. මෙම නිරාවරණය නිසා ඇතිවූ පිඩනයට, 19වන සියවසෙහි අනුයාත රාජ්‍යයන් මුහුණදුන්නේ, උදාසීන ප්‍රතිසංස්කරණ සහ මැඩ පැවැත්වීම් වල සංකලනයක් තුලිනි. රුසියානු දාසත්වය 1861 වසරෙහිදී අහෝසි කරන ලද මුත්, එහි අහෝසියෙහිදී ගැමියන්ට අවාසිදායක භාෂිතයන් භාවිතා කිරීම නිසා, විප්ලවවාදයට තල්ලුවීම වර්ධනය කිරීමට ඉවහල් විය. දාසත්වය අහෝසිකිරීම සහ 1914 වසරෙහිදී පළමුවන ලෝක යුද්ධය ඇරමීම අතරතුර කාලයේදී ඇතිවූ, ස්ටොලිපන් ප්‍රතිසංස්කරණයන්, 1906 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ, රාජ්‍ය ඩූමා විසින්, රුසියාවෙහි ආර්ථිකය සහ දේශපාලනය විවෘත කොට එහි සීමා ලිහිල් කිරීමට ප්රයත්නයක් දැරුවද, ඒකාධිපති පාලනය අත්හැර ඔවුන්ගේ බලය බෙදා ගැනුමට සාර්වරුන් කැමැති නොවූහ.
ආර්ථික බිඳවැටුම, යුද්ධ-විඩාව සහ, ඒකාධිපති රාජ්‍ය ක්‍රමය වෙත අකමැත්ත යන්නෙහි සංකලනයක් වෙතින්, 1917 වසරෙහි ඇතිවූ රුසියානු විප්ලවය පූරනය වූ අතර, ලිබරල්වාදීන් සහ මධ්‍යස්ථ මතවාදී සමාජවාදීන් පළමුව බලයට ගෙන ආ නමුදු, ඔවුන්ගේ ප්‍රතිපත්ති අසාර්ථ වීමත් හා සමගම, ඔක්තොම්බර් 25 දිනදී කොමියුනිස්ට් බොල්ෂෙවික්වරුන් විසින් බලය ඩැහැගැනුම වෙත මග පෑදිණි. 1922 සහ 1991 අතරතුරදී, රුසියාවෙහි ඉතිහාසය ලෙසින් දැක්වෙන්නේ සෝවියට් රුසියාවෙහි ඉතිහාසය වන අතර, බ්‍රෙස්ට්-ලිටෙව්ස්කි සම්මුතියට පෙර, සඵල වශයෙන්, මතවාදය මත පදනම් වූ සහ දළ වශයෙන් රුසියානු අධිරාජ්‍යය හා සඹිපවර්තී වූ රාජ්‍යයක් විය. කෙසේවෙතත්, සමාජවාදය නැංවීම සඳහා භාවිතා වූ පිවිසුම, 1920 ගණන් වලදී මිහ්‍ර ආර්ථිකය සහ ප්රකීර්ණක සමාජය සහ සංස්කෘතියෙහි සිට ජෝසප් ස්ටාලින් යුගයෙහි ආඥාදායක ආර්ථිකය සහ අවරෝධනයන් දක්වාද 1980 ගණන් වල "නිශ්චලන යුගය" දක්වාද, සෝවියට් ඉතිහාසයෙහි විවිධ යුගයන්හිදී විවිධ ආකාරයන් ගත් බව පෙනෙයි. එහි මුල් වසර කිහිපයේ සිට, එනම් 1918 මාර්තු මාසයෙහි සිට, බොල්ෂේවික්වරු ඔවුන් හැඳින්වුනු පදය වන කොමියුනිස්ට්වරුන්ගේ තනි-පක්ෂ පාලනයක් යටතේ සෝවියට් සංගමයෙහි රජය පැවැතියේය. කෙසේවෙතත්, 1980 ගණන් වල මැද භාගය වන විට, ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයන්හී සුර්වලභාවය උග්‍ර වීම හා සමගම, මිකායෙල් ගොර්බචොෆ් විසින් බලවත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඇරඹු අතර එය විසින් සෝවියට් සංගමයෙහි බිඳවැටීම හේතු විය. රුසියානු ෆෙඩරේෂනයෙහි ඉතිහාසය නිල වශයෙන් ඇරඹෙනුයේ 1992 වසරෙහි ජනවාරි මාසයෙනි. ජාත්‍යන්තර කරළියෙහිදී, සෝවියට් රුසියාවෙහි නෛතික අනුප්‍රාප්තිකයා වූයේ රුසියානු ෆෙඩරේෂනයයි. කෙසේවෙතත්, නව පශ්චාත්-සෝවියට් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට දැරූ එහි උත්සාහයන් වෙත එල්ලවූ තදබල අභියෝගයන්ට මුහුණදීමෙන් අනතුරුව, රුසියාව වෙත තිබූ සුපිරි බලවත් තත්ත්වය එයින් ගිලිහී ගියේය. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සහ සෝවියට් යුගයෙහි රාජ්‍ය ස්වාමිත්වය ඉවත දමමින්, රුසියාව උත්සාහ කලේ වෙළෙඳපොළ ධනවාදය මත පදනම්වූ ආර්ථිකයක් නැංවීම වුවද, බොහෝ විට ලද ප්‍රතිඵල වේදනාකාරී විය. නව සහස්‍රෙයහි පටන්, එහි ප්රමුඛ නායකයා වූයේ ව්ලැඩීමිර් පූටින් විය. අද දිනයෙහි පවා, රුසියාවෙහි දේශපාලනික සංස්කෘතිය සහ සාමාජීය ව්‍යුහය, එහි සාර්වාදී සහ සෝවියට් යුගයෙහි බොහෝ අඛණ්ඩතාවයන්හී සලකුණු පෙන්නුම් කරයි.