රන්වීර් සිං
From Wikipedia, the free encyclopedia
රන්වීර් සිං (1985 ජුලි 6 දින රන්වීර් සිං බව්නානි නමින් උපත ලැබීය) ඔහු ඉන්දියානු නළුවකු වන අතර බොලිවුඩ් හි තම රංගන දායකත්වය ලබා දෙයි. ඔහු ඉන්දියාවේ මුම්බායිහි, තුල උපත ලද අතර, රන්වීර් සිං හට කුඩා අවධියේ සිට නාට්‍යකරුවකු වීමේ ආශාව පැවතුණි.කෙසේ වෙතත් සිය පාසල් අවධිය තුලදි අවධානය යොමු කරන ලද්දේ රංගනය පිළිබදව කිසිසේත්ම අදාල නොවන අංශයක් වන නිර්මාණාත්මක ලිවීම උදෙසාය. ඔහු සිය ශාස්ත්‍රවේදී උපාධිය ඉන්දියානු විශ්ව විද්‍යාලයෙන්( බ්ලුමින්ටන් ), තුලදි හැදැරු අතර;සිං ආපසු රංගනය කෙරෙහි කැමැත්තක් දැක්වු අතර සහ නැවත ඉන්දියාවට පැමිණි පසු,ඔහු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ මගපෙන්වනු ලබන භූමිකා කෙරෙහි තම අවධානය යොමු කිරිමට පටන් ගන්නා ලදි.
රන්වීර් සිං | |
---|---|
උපත | රන්වීර් සිං බව්නානි 6 ජූලි 1985 (1985-07-06) (වයස 38) මුම්බායි, මහාරාෂ්ඨප්රාන්තය, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නාට්‍යකරුවා |
සක්‍රීය වසර | 2010 |
ඥාතීන් |
|
2010 වසරේදී සිං සිය කුසලතා පරීක්ෂවට ලක්කරන ලද්දේ මගපෙන්වනු ලබන භූමිකාවක් වන යෂ් රාජ් චිත්‍රපට කර්මාන්තය තුලදී නිශ්පාදනය කරනු ලැබූ බෑන්ඩ් බාජා බාරත් හිදි වන අතර එහිදි ඔහු තේරි පත්විය. මෙම ප්‍රේමාන්විත නාඩගම සකස් කරන ලද්දේ විවාහ උත්සව සකස් කරන ලෝකය පිළිබදවය. ඵහිදී සිංගේ චරිතයට අවශ්‍ය වුයේ බ්ට්ටෝ ශර්මා නම් ආදර්ශමත් දිල්ලිවාසියකු පිළිබදවය. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වු, මනීශ් ශර්මා, ඔහුව දිල්ලි විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද්දේ එම චිත්‍රපට නිශ්පාදනය කරන අවධියේදීය, එසේම සිංගේ චරිතය ඔහුගේ මහත් ප්‍රසාදය දිනා ගැනිමට සමත් විය. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය ප්‍රචාරණය කල පසු එය තිරණාත්මක ලෙසින් වාණිජ මට්ටමින් සාර්ථකත්වයට පත් විය, ඒ සමගම සිං නිරූපණය කරන බිට්ටෝ නම් චරිතය රසිකයාගේ ප්‍රශංසාවට පාත්‍ර විය. ඔහු 56 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලහි හොදම නවක පිරිමි නළුවා ට හිමි සම්මානය ඔහු දිනා ගන්නා ලදි. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයෙන් පසු සිං නව චිත්‍රපට චරිත අත්හදා බලන ලදි. උදාහරණ ලෙස ඔහු ලේඩීස් වෝස් රිකී බාල් 'චිත්‍රපටයේ කපටි චිත්‍ර ශිල්පියෙකු ලෙස ද වෙනත් චිත්‍රපට ගණනාවක් උදෙසා විවිධ අධ්‍යක්ෂකවරු සමග ද සම්බන්ධ විය.