මොනරා
From Wikipedia, the free encyclopedia
මොනරා ආසියාතික පක්ෂි විශේෂ දෙකක් (ඉන්දියාව හා ශ්‍රී ලංකාවෙන් පැවතගෙන එන්නාවූ නිල් නැතහොත් ඉන්දීය මොණර (Pavo cristatus) සහ මියන්මාරය, ඉන්දු චීනය ,ජාවා ආශ්‍රිතව ජිවත් වන හරිත මොණරුන්) සහ අප්‍රිකානු විශේෂ එකක් (කොංගෝ ද්‍රෝණියට පමණක් ඒක දේශික වන මොණරුන්) ඇතුළත් වේ. මෙම අප්‍රිකානු විශේෂය සහ ඔවුන්ගේ සගයන්, පිරිමි සතුන්ගේ ගේ විදින ඇමතුමක් හා, ආසියාතික විශේෂ අතර පිරිමි සතුන් නිදහසේ තම වලිගය(මොණර පිල) විදහා දැක්වීම මගින් රහසිගත පිහාටු ප්‍රදර්ශනය කර එමගින් විවාහ ඇසුරකට ආරාධනා කිරීම සිදු කරති. "මොනරා" යන නාමය පිරිමි සතුන් සඳහා භාවිත වන අතර "සෙබඩ" යනුවෙන් ගැහැණු සත්වයාව හඳුන්වයි.
මොණරා කාලීන ව්‍යාප්තිය: 3–0 Ma පසුකාලීන ප්ලියෝසීන – මෑතකාලය | |
---|---|
ඉන්දියානු මොණරා පිල්විදහා සිටින අයුරු. දිගැටි ඉහළ වලිග ඇවිරි මගින් ඉන්දියානු මොණරාගේ පිල් කළඹ සෑදේ. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Galliformes |
කුලය: | Phasianidae |
උපකුලය: | Phasianinae |
විශේෂය | |
Pavo cristatus |
මෙම මොණරුන් හට "iridescent"(කොළ නිල) වර්ණයක් පැවතීම සහ අලංකාරවත් වලිගයක් (පිල් කලබක්) පැවතීම පුළුල් විද්‍යාත්මක විවාදයට විෂය වී ඇත. චාර්ල්ස් ඩාර්වින් අදහස් කරන පරිදි මොණරුන් ඔවුන්ගේ ස්ත්‍රී වර්ගයා ආකර්ෂණය කර ගැනීම සඳහාත් ලිංගික වශයෙන් තෝරා ගැනීම් සිදු කර ගැනීම සඳහාත් ඔවුන්ගේ විචිත්‍රවත් ලක්ෂණ ප්‍රයෝජනයට ගනී. වඩාත් මෑතක දී, අමොට්ස් Zසඅහවි ඔහුගේ ප්රතිබන්දන නියාය මගින් යෝජනා කල පරිදි මෙම විචිත්‍රවත් හැඩහුරුකම් මොනරුන්ගේ ශක්තිය පෙන්නුම් කරන අවංක ලක්ෂණ වන අතර අඩු වශයෙන් ශක්තිමත් මොණරුන් හට එමගින් කැපී පෙනෙන ව්‍යූහයක් සමඟ නොනැසී පැවැත්මේ දුෂ්කරතා සහ වරප්ප්‍රසාද අහිමි වේ.