මිචෙල් ඩි නොස්ට්‍රෙඩමේ
From Wikipedia, the free encyclopedia
මිචෙල් ඩි නොස්ට්‍රෙඩමේ (1503 වසරේ දෙසැම්බර් 14 හෝ 21 – 2 July 1566 දින දක්වා තබන ලද මූලාශ්‍රය අනුව), සාමාන්‍යයෙන් නොස්ට්‍රඩාමස් ලෙස ලතිනිකරණය වූ අපොතිකරිවරයෙකු හා අනාගත වාක්‍ය සම්පාදනය කල හා ලොවට ඉදිරිපත් කල මුනිවරයෙක් ලෙස ලෝකය පුරා ම පිළිගත් ප්‍රංශ ජාතිකයෙක් විය.මෙම පොත ප්රකාශනය වූ දා පටන්, ඔහුගේ මරණින් පසුව මෙම ග්‍රන්ථය කලාතුරකින් මුද්‍රණය වුවත්,නොස්ට්‍රඩාමස් ජනප්‍රිය පුවත්පත් ඇතුළු අනුගාමිකයන් රැසක් ආකර්ෂණය කර ගන්නේ, ලෝකයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්දයෙන් අනාගත වාක්‍ය සපයමිනි.
මිචෙල් ඩි නොස්ට්‍රඩාම් | |
---|---|
උපත | 14 දෙසැම්බර් හෝ 21 දෙසැම්බර් 1503 සාන්ත-රෙමී-ඩි-ප්‍රොවන්ස්, ප්‍රොවන්ස්, ප්‍රංශය |
මියගිය දිනය | 2 July 1566(1566-07-02) (වයස 62) සැලොන්-ඩි-ප්‍රොවන්ස්, ප්‍රොවන්ස්, ප්‍රංශය |
රැකියාව | බෙභෙත් සකස්කිරීම, ග්‍රන්ථකර්තෘ, පරිවර්තක, ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳ උපදේශක |
ප්‍රසිද්ධව ඇත්තේ | අනාගතවාක්‍යය කීම, ප්‍රතිකාර කිරීම මහාමාරිය |
අත්සන | |
ආගම | රෝමානු කතෝලික |
බොහෝ ශාස්ත්‍රිය මූලාශ්‍ර ඔප්පු කර පෙන්වන පරිදි ලෝකධාතු සිදුවීම් හා නොස්ට්‍රඩාමස්ගේ සිව්පද කාව්‍යයන් අතර ගොඩනගන ලද සම්බන්දය,විශාල වශයෙන්ම වැරදි අර්ථ විමසුම් හෝ වැරදි පරිවර්තනයන්(සමහරවිට හිතාමතාම කරන ලද)හෝ ඒවා අව්‍යාජ දිවැස් කීමේ බලයක සාක්ෂි ලෙස ගෙනහැර දැක්විය නොහැකි තරම් තුනී ප්‍රභවයන් වන බවයි.කෙසේනමුත් කාලින අර්ථකථාචාර්ය්යයන් ඉතා සාර්ථක අයුරින් නිදහස් අර්ථ නිරුපන හා ඔහුගේ අබරුන වචනයන් සදහා ස්ථිර අදහස් ඇති පැහැදිලිව වහා සිදුවෙන්නට යන සිදුවීම් පුරෝකථනය කිරීම සදහා සාර්ථක ක්‍රියාවලියක් භාවිතා කර තිබේ.උදාහරණ වශයෙන් වර්ෂ 1867 දී (එය සිදුවීමට වසර 3කට පෙර)ලේ පෙලටිඑර් නම් පුද්ගලයා විසින් 3වන නැපෝලියන් වරයාගේ ජය හෝ පරාජය අපේක්ෂා කිරීම සදහා එසේ කර තිබේ.එම සිදුවීම ෆ්රෑන්කො-පෘශියන් යුද්දය ලෙස හදුන්වන ලෙස ඉල්ලා සිටි අතර, එය කවදා කුමක් වෙයි දැයි නියමාකාරයෙන් කිව නොහැකි බව ඔහු පිළිගෙන තිබේ.