මැක්බත්
From Wikipedia, the free encyclopedia
මැක්බත් (ඉංග්‍රීසි:Macbeth) හෙවත් සම්පූර්ණ නාමය අනුව මැක්බත් ඛේදවාචකය (ඉංග්‍රීසි:The Tragedy of Macbeth) යනු ඉංග්‍රීසි ජාතික සාහිත්‍යශූරී විලියම් ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ශෝකාන්තයකි. ප්‍රධාන වශයෙන් ස්කොට්ලන්තය තුල සිදුවන මෙම කතාවෙන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරනුයේ, තමාගේම අභිවෘද්ධිය උදෙසා බලය සොයන්නන්ගේ දේශපාලනික අභිලාෂයන් නිසා ඔවුන්ටම අත්විඳීමට සිදුවන විනාශකාරී භෞතික සහ මනෝමය ප්රතිවිපාකයන් වේ. මැක්බත් නමැති චරිතය වටා මෙම නාට්‍යය ගෙතී ඇත.