මාතලේ කැරැල්ල
1848 මාතලේ කැරැල්ල / From Wikipedia, the free encyclopedia
මාතලේ විමුක්ති අරගලය නැතහොත් 1848 විමුක්ති අරගලය යනුවෙන් හැඳින්වෙන කැරැල්ල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ (හත් වෙනි වයිකවුන්ට් ටොරින්ටන්) කාලයේදී හට ගත්තේය. එම කැරැල්ලෙහි යටත් විජිත පාලන ක්‍රමයකට එරෙහිව පැරණි වැඩ වසම් ක්රමයේ කැරැල්ලක ලක්ෂණ නොපෙනේ. ඒ වෙනුවට නවීන නිදහස් අරගලයකට මාරුවීමක් දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාවගේ කැරැල්ලකි.