මධ්‍ය බලවතුන්
From Wikipedia, the free encyclopedia
අක්ෂ පක්ෂ බලවතුන් සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
මධ්‍ය බලවතුන් හෝ මධ්‍යම බලවතුන් යනු පළමු ලෝක යුද්ධයේ (1914-18) සටන් කළ ප්‍රධාන කණ්ඩායම දෙකින් එකකි. ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ බල්ගේරියාව මෙයට අයත් විය. මෙම රටවලට අයත් යටත්විජිත (උදාහරණ ලෙස ජර්මන් නිව් ගිනියාව සහ ජර්මන් නැගෙනහිර අප්‍රිකාව) ද මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කරන ලදී. පළමු ලෝක යුද්ධය අවසානයේ මිත්‍ර බලවතුන් විසින් මධ්‍ය බලවතුන් පරාජය කරන ලදී. මධ්‍ය බලවතුන්ගේ ආරම්භය ලෙස සැළකිය හැක්කේ 1879 දී ඔස්ට්‍රියා-හංගේරියාව සහ ජර්මනිය අතර ඇතිවූ සන්ධානය යි. පෙරදී නාමාමාත්‍රික වශයෙන් ත්‍රිත්ව සන්ධානයට එකතු වී සිටියද, ඉතාලිය මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කළේ නැත. බල්ගේරියාව සහ ඔටෝමාන් අධිරාජ්‍යය යුද්ධයට එකතුවූයේ එය ආරම්භ වී කලකට පසුවයි.
Quick Facts තත්ත්වය, ඓතිහාසික යුගය ...
මධ්‍යම බලවතුන් Mittelmächte (ජර්මන්) Központi hatalmak (හංගේරියානු) İttifak Devletleri (තුර්කි) Централни сили (බල්ගේරියානු) | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1914–1918 | |||||||||||||||
1914 අගෝස්තු 1 වන විට මධ්‍ය බලවතුන් (තැඹිලි පැහැයෙන්) දැක්වූ සිතියමක්
| |||||||||||||||
තත්ත්වය | හමුදාමය සන්ධානය | ||||||||||||||
ඓතිහාසික යුගය | පළමු ලෝක යුද්ධය | ||||||||||||||
• ද්විත්ව සන්ධානය (ජර්මනිය / ඔස්ට්‍රියා-හංගේරියා) | 1879 ඔක්තොම්බර් 7 | ||||||||||||||
• ස්ථාපිත කළේ | ජුනි 28 1914 | ||||||||||||||
• ඔටෝමාන්-ජර්මානු සන්ධානය | 1914 අගෝස්තු 2 | ||||||||||||||
• බල්ගේරියා-ජර්මානු ගිවිසුම |
| ||||||||||||||
• විසුරුවා හරින ලද්දේ | නොවැම්බර් 11 1918 | ||||||||||||||
|
Close