භෛරව හිස
From Wikipedia, the free encyclopedia
භෛරව හිස යනුවෙන් හැඳින්වෙන්නේ නේපාලයේ මල්ල යුගයට අයත් යැයි විශ්වාස කෙරෙන වෙස්මුහුණකි. නේපාලයේ කත්මණ්ඩු මිටියාවතෙන් හමුවූ මෙය ක්‍රි.ව. 16වන සියවසේ දී නිර්මාණය වන්නට ඇතැයි සැලකේ. මෙම වෙස්මුහුණ නිර්මාණය කොට ඇත්තේ රන් ආලේපිත තඹ මාධ්‍යයෙනි. එය අලංකාර කිරීමට ස්ඵටික පාෂාණ සහ වර්ණ ද භාවිතා කොට ඇත.[1] භෛරව (සංස්කෘත: भैरव) යනු හින්දු ආගමේ එන ශිව දෙවියන්ගේ භයංකාර ස්වරූපයකි. හින්දු පුරාණෝක්තිවේදය තුළ භෛරව යනු විනාශයේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකේ. හින්දු ආගම හැරුණු විට භෛරව සංකල්පය බුද්ධාගම සහ ජෛන ආගම තුළ ද දක්නට ලැබේ.[2] භෛරව ප්‍රතිමා නිරූපණයේ දී සර්පයකු සහ හිස්කබලක් සහිත දඟර ගැසුණු කිරුළක් සහිතව නිරූපණය කෙරේ. එමගින්රෞද්රභාවය සහ බිහිසුණුභාවය සංකේතවත් කෙරේ.[1]