බෙනෙලක්ස්
From Wikipedia, the free encyclopedia
බෙනෙලක්ස් (ප්‍රංශ: Bénélux), යනු, වයඹ දිග යුරෝපයෙහි කිට්ටුව පිහිටි රටවල් තුනක් වන බෙල්ජියම, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් රාජ්‍යයන්ගෙන් සමන්විතවූ සංගමයකි[2]. සංගමයේ ඉංග්‍රීසි නම වන Benelux සැදී ඇත්තේ එක් එක් රටෙහි ඉංග්‍රීසි නමෙහි මුල් අකුරු දෙක හෝ තුන හෝ එකට ඈඳීමෙන් වන අතර – Belgium Netherlands Luxembourg – සිංහල නමද එම රටවල සිංහල නම් අනුසාරයෙන් තනා ගෙන ඇති අතර – බෙල්ජියම නෙදර්ලන්තය ලක්ස් (ස)ම්බර්ග් – මෙය ප්‍රථම වරට භාවිතා වූයේ, සංගමය පිළිබඳ මුල් පියවර තැබීමට ඉවහල්වූ (1944 දී අත්සන් තැබූ) රේගු පිළිබඳ එකඟතාවය නම් කිරීමටය. [3] වර්තමානයෙහිදී මෙය වඩාත් පොදු අයුරකින් භාවිතා කරන්නේ, මෙම රටවල් තුන අතර භූගෝලීය, ආර්ථික සහ සංස්කෘතික සමූහනය සඳහාය.
බෙනෙලක්ස් | |
---|---|
කොඩිය | |
බෙනෙලක්ස් (තද කොළ) හි පිහිටුම යුරෝපය තුල (තද අළු) — [ආඛ්‍යායිකාව] | |
පරිපාලන කේන්ද්‍රය | බ්‍රසල්ස් |
නිල භාෂා(ව) | ලන්දේසි සහ ප්‍රංශ |
සාමාජිකත්වය | |
Establishment | |
• රේගු සංගම් ගිවිසුම | 5 සැප්තැම්බර් 1944[1] |
• ක්‍රියාත්මක දිනය | 1 ජනවාරි 1948[1] |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 76,657 km2 (29,597 sq mi) |
ජනගහණය | |
• ඇස්තමේන්තුව | 28.4 මිලියනa |
• ඝණත්වය | 380/km2 (984.2/sq mi) |
දදේනි (ක්‍රශසා) | ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.080 ට්‍රිලියන |
• ඒක පුද්ගල | $38,620 |
ව්‍යවහාර මුදල | යුරෝ (EUR) |
වෙබ් අඩවිය benelux.int | |
|
1951දී , මෙම රටවල්, බටහිර ජර්මනිය, ප්‍රංශය, සහ ඉතාලිය සමග එක්වී, යුරෝපියානු ආර්ථික ප්‍රජාවෙහි (EEC) සහ වර්තමාන යුරෝපියානු සංගමයෙහි (EU) පූර්වප්‍රාප්තිකයා වූ යුරෝපියානු ගල් අඟුරු සහ වානේ ප්‍රජාව පිහිටුවා ගත්හ.
සංගමයේ ප්‍රධාන ආයතන වන්නේ අමාත්‍යවරුන්ගේ කාරක සභාව, පාර්ලිමේන්තුව, සංගමයේ මන්ත්‍රණ සභාව, අධිකරණ සභාව, මහා ලේකම් කාර්යාලය, සහ බුද්ධිමය දේපල පිළිබඳ සංවිධානය වෙති.
බෙනෙලක්ස් මහා ලේකම් කාර්යාලය පිහිටන්නේ බ්රසල්ස්හීය. එය, බෙනෙලක්ස් ආර්ථික සංගමයෙහි මධ්‍යම පරිපාලන ස්තම්භය වෙයි. . එය විසින් හසුරුවනුලබන්නේ අමාත්‍යවරුන්ගේ කාරක සභාවේ, ආර්ථික සංගමයේ මන්ත්‍රණ සභාවේ සහ විවිධ කාරක සභා හා කෘත්‍යාධිකාරී කණ්ඩායම් වල ලේකම් කාර්යාලයයන් වෙති. මෙයට අමතරව, එය සහතික කරනුයේ බෙකෙලක්ස් අධිකරණ සභාවේ ලේඛනගත කාර්යාලයය නිසි පරිදී පවත්වාගෙන යනු ලබන බවයි.