බාධක වැටිය හෙවත් පරයන්
From Wikipedia, the free encyclopedia
නාවුක පරිභාෂණයට අනුව බාධක වැටි යනු නැව්වලට උපද්‍රව පැමිණ විය හැකි තරම් තියුණු ජලමතු පිටට යටින් පවතින පාෂාණයක් හෝ වැලි වැටියක් වශයෙන් හැඳින්විය හැකිය. බොහෝ බාධක වැටි අප්‍රාණික ක්‍රියාදාමයන්ගෙන් ඇති වේ. වැලි ආසාදනය, තරංග ඛාදනය පාෂාණ ඉල්ලම් පෑදීම හා වෙනත් ස්වාභාවික ක්‍රියාකාරකම් ඊට හේතුවේ . නමුත් වඩාත් හොඳින් දන්නා බාධක වැටි වන්නේ කොරල් පරයන් වන අතර ඒවා ඝර්ම කලාපීය කොරල් සහ Calcareous ඇල්ගීවලින් පාලිත සප්රාණික ක්රියාදාමයකින් වර්ධනය වේ.
බාධක වැටි කෘත්‍රීම ආකාරයෙන් විශේෂ ගොඩ නැගීමකින් හෝ හිතාමතා නැව් ගිල්ලවීමට කෘත්රීමව ඇති කළ හැකිය. නමුත් යමෙකුට මේවා සත්‍ය බාධක වැටි නොවන බවට තර්ක කළ හැකිය. එමෙන්ම නැව්වලට බාධක පැමිණ විය හැකි කෘත්‍රීම බාධකයක් ගොඩනැංවීම ඉතා කලාතුරකින් සිදුවන්නකි. එහිදී මාළුන් වැනි ජීවීන් සමූහයන් ආකර්ෂණය කර ගැනීමට හැඩයක් රහිත වැලි පත්ලේ භෞතික සංකීර්ණත්වය වැඩි කිරීමට මෙම ව්‍යුහයන් සාමාන්‍යයෙන් නිර්මාණය කෙරේ. එබැවින් කෘත්‍රීම බාධක වැටි යනු මිනිසා විසින් නිර්මිත දියයට ජනාවාස ව්‍යුහයන් හැඳින්වීමට යොදා ගනු ලබන වැරදි ව්‍යවහාරයකි.