පුරාතන කාර්තේජ්
From Wikipedia, the free encyclopedia
පුරාතන කාර්තේජ් යනු, කාර්තේජ් නම් ෆනේෂියානු පුර-රාජ්‍යය විය. ක්‍රිපූ 7වන සහ 3වන සියවස අතරතුර කාලයේදී, එහි බල ඉම් ගෝලය, එනම් ඊනියා කාර්තජේනියානු අධිරාජ්‍යය වෙත, උතුරු අප්‍රිකාවේ වෙරළබඩ තීරයෙන් මහත් කොටසක් මෙන්ම වෙරළබඩ අයිබීරියාවේ සහ බටහිර මධ්‍යධරණියේ දිවයින් වල සැලකිය යුතු කොටස්ද අයත් විය. [1]
කාර්තේජ් කාට්-හැඩෂ්ට් | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රිපූ 814–ක්‍රිපූ 146 | |||||||||||||
ක්‍රිපූ 264දී කාර්තේජය සහ එහි යටත් ප්‍රදේශ | |||||||||||||
අගනුවර | කාර්තේජ් | ||||||||||||
පොදු භාෂාවන් | පියුනික්, ෆනේෂියානු, බර්බර්, නියුමිඩ්, පුරාතන ග්‍රීක භාෂාව | ||||||||||||
ආගම | පියුනික් ආගම | ||||||||||||
ජාති නාම(ය) | කාර්තජේනියානු | ||||||||||||
රජය | ක්‍රිපූ 480 දක්වා රාජාණ්ඩුව, ඉන්පසුව ජනරජය | ||||||||||||
රජ, පසුව ෂොෆට් ("විනිශ්චයකාරයා") | |||||||||||||
ඓතිහාසික යුගය | පුරාතනය | ||||||||||||
• කාර්තේජය පිහිටුවීම | ක්‍රිපූ 814 | ||||||||||||
• රෝමානුවන් විසින් යටත් කරගැනුම | ක්‍රිපූ 146 | ||||||||||||
ව්‍යවහාර මුදල | කාර්තජේනියානු ෂෙකල් | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ජිබ්‍රෝල්ටාව සමගින් රටවල් 9 ක් |
කාර්තේජය ප්‍රතිස්ථාපනය කෙරුණේ ක්‍රිපූ 814 වසරෙහිදීය. [2][3] එකල, ටයියර් නම් ෆනේෂියානු රාජ්‍යයේ පරායත්තයක් වූ කාර්තේජය, 650 පමණ වත්ම නිදහස ලබා ගත් අතර, බටහිර මධ්‍යධරණිය පුරා අනෙකුත් ෆනේෂියානු ජනාවාස මත පවත්වා ගත් එහි දේශපාලනමය ආධිපත්‍යය ක්‍රිපූ 3වන සියවස කෙළවර වන තුරුම පැවතිණි. නගරයෙහි ප්රමුඛත්වයෙහි උච්චතම අවස්ථාවෙහිදී, ප්‍රදේශය පුරා පැතිරුණු වෙළෙඳ මධ්‍යස්ථාන සමගින් ප්‍රධාන වෙළෙඳ කේන්ද්‍රයක් ලෙසින් පැවතිණි.
එහි ඉතිහාසයෙන් බොහෝ කාලයක්, සිසිලියේ සිටි ග්‍රීකයන් සහ රෝමානු ජනරජය හා සමගින්, එදිරිවාදී තත්ත්වයක කාර්තේජය සිටි අතර, මේ නිසාම පිළිවෙලින් ග්‍රීක-පියුනික් යුද්ධ (ක්‍රිපූ 600-265 පමණදී) සහ පියුනික් යුද්ධ (ක්‍රිපූ 264-146) ලෙසින් හැඳින්වෙන සන්නද්ධ ගැටුම් මාලාවකට මුහුණ දුන්නේය. කාර්තේජය තැනුනු ප්‍රදේශයේ සිටි ආදිවාසිකයන් වූ විභව්‍ය එදිරිවාදී බර්බර්වරුන්,[4] හා සමගද පලහිලව් විසඳා ගැනුමට නගරයට සිදු විය.
ක්‍රිපූ 146 දී, තුන්වන සහ අවසාන පියුනික් යුද්ධයෙන් පසුව, රෝමානු සේනාවෝ කාර්තේජය විනාශ කොට ඉන්පසුව එය අධිවාසනය කලහ.[5] අනෙකුත් ෆනේෂියානු පුර රාජ්‍යයන් සහ පූර්ව කාර්තජේනියානු පරායත්තයන් සියල්ලම පාහේ ඉන්පසුව රෝමානුවන් වෙතට පත් වූහ.