පැසිපන්දු
From Wikipedia, the free encyclopedia
ලෝකයේ ජනප්රියම ක්රීඩා අතරෙන් එක් පිළකට ක්රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්රීඩාවක් ලෙස පැසිපන්දු ක්රීඩාව (ඉංග්රීසි: Basketball) හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.
උසස්ම පාලන මණ්ඩලය | FIBA |
---|---|
අපනාමය(න්) | nba |
පළමුව ක්රීඩා කලේ | දෙසැම්බර් 21, 1891 (1891-12-21) (132 year ago). Springfield, Massachusetts, U.S. |
ගුණාංග | |
සම්බන්ධය | සීමිත සම්බන්ධතා |
කණ්ඩායම් සාමාජිකයෝ | කණ්ඩායම් ක්රීඩා |
වර්ගීකරණය | කණ්ඩායම් ක්රීඩා, පන්දුවක් භාවිත ක්රීඩා |
උපකරණ | පැසිපන්දුව |
ස්ථානය | ගෘහස්ථ පිටිය (ප්රධාන වශයෙන්) හෝ එළිමහන් පිටිය (street ball) |
පද මාලාව | Glossary of basketball |
පැවතීම | |
රට හෝ ප්රදේශය | ලොව පුරා |
ඔලිම්පික් | ඔව්, 1904 සහ 1924 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී හා 1936 සිට ගිම්හාන ඔලිම්පික් වැඩසටහනේ කොටසක් ලෙස නිරූපණය විය |
පැරාලිම්පික් | ඔව් |
පන්දුව ඉහළ නගින ලෙස බිම ගැසීමෙන් (bouncing) හෝ කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුව හුවමාරුවෙන් ගෝල කණුව කරා පන්දුව ගෙන යා හැකිය. පන්දුව භාර දීමේදී විවිධ සීමාවන් පවතින අතර ප්රතිවාදී පිළේ සාමාජිකයින්ට කායිකව පීඩා කිරීමට අවසර නොලැබේ.
පන්දුව හුවමාරුවේ, විදීමේ හා ඉහළ යන ලෙස බිම පතිත කිරීමේ ක්රමවේදයන් හි පමණක් නොව සගයින් බාධකයින් ලෙස ක්රීඩකයින්ගේ තාක්ෂණවේදය ද අද ඉතා ඉහළ මට්ටමකට දියුණුව ඇත.
උදා - කණ්ඩායමේ උසම ක්රීඩකයා මැද ක්රීඩකයා (center) ලෙසත් මිටිම ක්රීඩකයා pointer ලෙසත් කටයුතු කරන අතර හොඳම පන්දුව හසුරවන්නා ගෝල රකින්නා ලෙසත් ක්රීඩා කරයි.
තරගකාරීව පවත්වන පැසි පන්දු තරඟාවලියක් ගෘහස්ථව පවත්වන අතර ඉන් ඔබ්බට බාහිරව පවත්වන ක්රීඩා අංගයක් ලෙස පැසි පන්දු ක්රීඩාව ග්රාමීයව ජනප්රිය වී ඇත.