පස රහිතව ශාක වැවීමේ ක්‍රමවේදය
From Wikipedia, the free encyclopedia
මෙහිදි පස වෙනුවට පෝෂ්‍ය කොටස් අඩුංගු ද්‍රවණයක් ආධාර කොට ගෙන ශාක වැවීම සිදු කරන අතර මෙය හැදින්වීමට Hydroponics නම් ඉංග්‍රීසි පදය පිලිවෙලින් ජලය සහ ශ්‍රමය හැදින්වීමට භාවිතා වන ග්‍රීක පදයන් වන hydro සහ ponos යන පදයන් ඇසුරෙන් නිර්මාණය වුවකි. පස මත වැවෙන ශාක වර්ග වර්ධනය සදහා ඒවායේ මුල් පෝෂණ කොටස් අඩංගු ද්‍රවණයක් පමණක් යොදා ගෙන හෝ පර්ලයිට්, බොරළු හෝ ඛණිජ පුළුන් වැනි උදාසීන මාධ්‍යයක ආධාරයෙන් වගාකළ හැක. මේ සදහා ක්‍රම වේද ගණනාවක් පවති.
19 වැනි ශත වර්ෂයේදී ශාක කායික විද්‍යාව පිළිබද පර්යේෂකයන් විසින් ශාක තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඛනිජ සංයෝගයන් ජලයේ දියවු අකාබනික අයන ලෙස උරා ගන්නා බව සොයා ගන්නා ලදී. ස්වභාවික තත්ත්ව යටතේ දී පස එම ඛනිජ පෝෂක රදවා ගන්නා මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන නමුත් පස ශාක වර්ධනය සදහා අත්‍යවශ්‍ය නොවේ. පසෙහි පවතින ඛනිජ පෝෂක ජලයේ දිය වු විට එම පෝෂක ශාක මුල් මගින් උරාගත හැකිවේ. යම් හෙයකින් ශාකයක ජල සැපයුමට කෘතිම ලෙස අදාල ඛනිජ පෝෂක එක් කළ විට තවදුරටත් ශාක වර්ධනය සදහා පස අනවශ්‍ය වෙයි. පස මත වැවෙන ශාක සියල්ලක්ම පාහේ මෙසේ වගා කළ හැකි වන නමුත් ඇතැම් ශාක මෙම ක්‍රමය ඔස්සේ අනෙකුත් ශාක වලට සාපේක්ෂව වඩාත් හොදින් වගා කළ හැකිවෙයි. එමෙන්ම මෙම ක්‍රමවේදය ඉතා සරළ එකක් වන අතර බොහෝ විට Watercress වැනි ශාක ඇසුරෙන් කුඩා ළමුන් පවා මෙම ක්‍රියාවලිය සිදු කරනු දැක ගත හැක. තවද මෙය ජීව විද්‍යාත්මක පර්යේෂණයන් තුල සහ ඉගැන්වීම් කටයුතු වලදී සම්මත ක්‍රමවේදයක් ලෙස භාවිතා වන අතර ඉතා ප්‍රචලිත විනෝදාංශයක්ද වෙයි.