නිදහස් ආලය
මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි / From Wikipedia, the free encyclopedia
නිදහස් ආලය යනු මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි. විවාහය, උපත් පාලනය, සහ අනාචාරය වැනි ලිංගිකමය කරුණු රාජ්‍යයේ බලපෑමෙන් මුදා ගැනීම නිදහස් ආලය ව්‍යාපාරයේ මුල් අභිප්‍රාය විය. එවැනි කාරණාවන් සම්බන්ධ ව පූර්ණ වගකීම එකී පුද්ගලයා සතු විය යුතු බවත් ඒ සම්බන්ධ ව වෙනත් කිසිදු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත් ඔවුහු කියා සිටියහ.[1]