නැවතුම් චලිතය (Stop motion)
From Wikipedia, the free encyclopedia
නැවතුම් චලිතය (හෝ රාමුවෙන් රාමුව) සජීවීකරණය යනු භෞතිකව පාලනය වන වස්තුවක් එය මගින්ම චලනය වන ලෙස පෙන්වන සජීවීකරණ තාක්ෂණික ක්‍රමයක් සඳහා වූ යෙදුමකි. වස්තුව චලනය කරනු ලබන්නේ වෙන් වශයෙන් ඡායාරූපගත කරන ලද ඉතා කුඩා කාල පරතර ඇති රාමු මගින් වන අතර අඛණ්ඩ අනුක්රමයක් ලෙස රාමු ශ්‍රේණිය ධාවනය වන විට එමගින් චලන මායාවක් ඇති කරයි. බොහෝ විට නැවතුම් චලිත සජීවීකරණයේ දී මැටි රූප භාවිතා කරන අතර ඒවා ක්ලේමේෂන් ලෙස හඳුන්වනු ලබයි. එලෙස මැටි රූප භාවිතා කරනු ලබන්නේ ඒවා පහසුවෙන් නැවත ස්ථානගත කළ හැකි බැවිනි. ස්ටොප් මෝෂන් ප්‍රෝ, istopmotion හා මංකි ජෑන් වැනි මෘදුකාංග යෙදූ මෙම තාක්ෂණික ක්‍රමය තරුණ චිත්‍රපටි නිර්මාණකරුවන් අතර ප්‍රචලිත කර ඇත.